දිලිත් ජයවීරගේ මනෝවිශ්ලේෂණ පාඩම

දුෂ්ටයා යනු “තමාගේ ම ශුභ සිද්ධිය ගැන පමණක් සිතන” ආත්මාභිමානිකයෙකු (egotist) නො වේ. සැබෑ ආත්මාභිමානියා තම යහපත ගැන කොයි වේලෙත් සිතන නිසා ඔහුට අනෙක් අයට අවාසනාව ඇති කරන්නට තරම් වේලාවක් ඇත්තේ නැත. නරක පුද්ගලයාගේ මූලික දුෂ්ටබව වන්නේ, හරියට ම
කියන්නේ නම්, ඔහු තමන් සම්බන්ධයෙන් වනවාට වඩා අනෙක් අය සම්බන්ධයෙන් වැඩට බැස සිටීමය. රූසෝ නිශ්චිත ලුබ්ධිමය යාන්ත්‍රණයක් විස්තර කරයි: (එනම්) වස්තුව වෙතින් බාධකය වෙතට ම ලුබ්ධිමය ආයෝජනයෙහි විතැන්විම ජනනය කරන්න වූ අපවර්තනය යි. මූලධර්මවාදී ප්‍රචණ්ඩත්වයට මෙය
හොඳින් ආදේශ කළ හැකි ය. ඔක්කොලොහ්මා බෝම්බ සිද්ධිය හෝ නිවුන් කුළුණු වෙත කෙරුණ ප්‍රහාරය යන සිද්ධීන් දෙකේදී ම අපට දැක ගත හැකි වූයේ ශුද්ධ සහ සරල වෛරය යි. ඒවායේ දී , ඇත්තට ම වැදගත් වූ කාරණය වූයේ බාධාව විනාශ කිරීම, එනම් ඔක්ලොහොමා නගර ෆෙඩරල් ගොඩනැගිල්ල හෝ ලෝක වෙළඳ මධ්‍යස්ථානය (විනාශ කිරීම) මිස සත්‍ය ලෙස ම ක්‍රිස්තියානු හෝ මුස්ලිම් සමාජයක උදාර අරමුණ අත්පත් කරගැනීම නො වේ. (Slavoj Žižek, Violence, 2008: 92)

දිලිත් ජයවීර යනු ලාංකීය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයේ “නරක පුද්ගලයෙකු”නො වේ. ඔහු ලාංකීය සමාජයේ පරමාදර්ශී චරිතයක් වන උගත්, කෝටිපති ව්‍යාපාරිකයෙකි. ඔහු සමාගම් 30කට අධික සංඛ්‍යාවක් හිමි අයෙකු බව පැවසේ. ඔහු මෑතක දී මිලදී ගත් ආයතන වන්නේ ලිබර්ටි ප්ලාසා, ජෝජ් ස්ටුවට්, ඡායා රෙසෝට්, ද ක්ලබ්, සිට්‍රස් හමර් වැනි ඒවා ය.
ඔහු මෙසේ කියයි( දිලිත්ගේ කතාව නැරඹීම සඳහා මෙම සබැඳියාව තුලින් යන්න https://fb.watch/7QXSkvsSHN/ ).

අපි සියලු දෙනාට අද සතුට ප්‍රශ්නයක් වෙලා තියනවා…ප්‍රීතිමත් බව ප්‍රශ්නයක් වෙලා තියනවා… Happiness කියන එක ප්‍රශ්නයක් වෙලා තියනවා….අපිට ආතල් එකේ ඉන්න ඕන නම් ආතල්
කන්සෙප්ට්ස් තියෙන්නේ සිද්ධාර්ථ එකේ…. මම රුපියල් 500ක් අපේ අම්මගෙන් අරන් කොළඹ අවේ…. ලැබෙන දෙයින් නෙවෙයි සතුටු වෙන්නේ… ඒ ලැබීම සඳහා ගෙනියන…මේ කන චාටර් එකේ… කන ආතල් එකේ!!!
පසුව දිලිත් ජයවීර විසින් කියා සිටින්නේ බුදුන්ගේ පවා ආතල් එක තිබුනේ බුද්ධත්වය කරා යන ක්‍රියාවලියේ (process), (අපට අනුව ආශාවේ වස්තුව අත්පත්කොට ගැනීමට යන ගමන) , දුෂ්කර ගමනේ මිස බුද්ධත්වයේ නොවන බවය. මෙහිදී තේරුම් ගත යුතු කරුණ වන්නේ දිලිත්ට අනුව බුද්ධත්වය යනුද අත්පත්කොට ගත යුතු වස්තුවකි. එනම් ඔහු කියා සිටින්නේ බුදුන්ගේ ෆැන්ටසිය (ආශාවේ වස්තුව අත්පත්කොටගෙන භුක්ති විඳින අකාරය) වූ බුද්ධත්වය කරා ධාවකය (drive) තුළ බුදුන්ගේ ආතල් එක තිබූ බව ය. එනම් දිලිත් කියන දෙය මනෝවිශ්ලේෂනාත්මක යළි ලිවිය හැක්කේ “බුදුන් බුද්ධත්වය නම් ෆැන්ටසිය කරා දිශානත වූ පැරනොයියාවක පසු වූයේ ය”යනුවෙනි. ඔහු කියන වැදගත්ම කතාව වන්නේ මෙයයි.
ලැබෙන දෙයින් නෙවෙයි සතුටු වෙන්නේ…ඒ ලැබීම සඳහා ගෙනියන…මේ කන චාටර් එකේ…කන කට්ටේ තමයි ආතල් එක තියෙන්නේ.
දිලිත් මේ කියා සිටින්නේ ලකානියානු සත්‍යයකි, එනම් ආශාවේ වස්තුව අත්පත් කොට ගැනීමෙන් ආශාව සංතෘප්ත නො වන බව ය. එනම් ලකානියානු පැහැදිලි කිරීමට අනුව එය මෙසේ ය. ආශාවේ වස්තුව සහ ආශාවේ වස්තු හේතුව අතර වන වෙනස වන්නේ, ආශාවේ වස්තුව කරා ලං වන කෙනා එයට කොතරම් ආසන්න වනවාද යන්න අදාළ නොවන්නේ එහි හේතුව (ආශාවේ වස්තුවේ හේතුව) සැමවිටම ලඟාවන්නා වෙත වන පරතරයකින් පැවතීම සහ කිසිවිටකත් අල්ලාගත නො හැකිවීම ය. ආශාවේ වස්තු හේතුව වෙත ලඟා වුවද ඉන් ඉවතට පැන දිව්වද එය සැමවිටම පවතින්නේ ආත්මයට නියත දුරකිනි. එනම් ආශා කරමින් සිටිනා ආත්මය තම ආශාවේ වස්තූ වෙත ලඟාවනවා හෝ එය වෙතින් ඉවතට දුවනවා යන්න සහ ආශාවේ වස්තු හේතුවේ ස්ථායි වේගය සහ ආත්මය වෙත ඇති පරතරය පවතින්නේ ආශාවේ වක්‍රය තුළ ය. ආශාවේ වස්තු හේතුව යනු මෙම වක්‍ර වීමේ නියෝජිතයා ය. ආශාවේ වස්තුව අප හට මුණගැසෙන විට ආශාවේ වස්තු හේතුවෙහි අගාධය කොතරම්ද යන්න ගණනය කළ නො හැකි ය. ඒ අනුව අශා කරනා වස්තුව අත්පත්කොට ගන්නවාට වඩා ඒ වටා දඟර දැමීම දිලිත් කියන අකාරයට ම ආතල් ය… (සත්‍ය වශයෙන් ම අත්පත් කරගත හැකි ආශාවේ වස්තුවක් නැති නිසා දිගට ම සිදුවන්නේ දඟර දැමීම පමණකි.)
ලකානියානු අර්ථයෙන් jouissance යනු සංතෘෂ්ටිය (pleasure) නො වේ. විශ්ලේෂණ ක්‍රියාවලිය තුළ දී, විශ්ලේෂණයට භාජනය වන ප්‍රජාතන්ත්‍රවාදයේ ආත්මය (විද්‍යාවේ ආත්මය) තුළ සංතෘෂ්ටිය හමු නො වන අතර ඒ වෙනුවට හමු වන්නේ වේදනාව, විඳවීම, සහ විෂාදතාව (melancholia) යි. විඳවීම් සමග සංතෘෂ්ටිය තිබිය නො හැක. ඒ අනුව ෆ්‍රොයිඩ් අනුව යමින් ලකාන් ප්‍රකාශ කොට සිටින්නේ පවතින්නේ jouissance බව ය. ලකාන් විසින් කිසි සේත්ම පරිවර්තනය නො කරන ලෙස සඳහන් කොට ඇති jouissance යන ප්‍රංශ වචනය ඉංග්‍රීසියට පරිවර්තනය වී ඇත්තේ enjoyment ලෙස ය. enjoyment යනු pleasure නො වේ.
කෙසේ වෙතත් jouissance යන්න ගැන කප්පරක් සිංහල පැහැදිලි කිරීම් තිබුනද, ඒ පිළිබඳව නව කතා ලියා ස්වර්ණ පුස්තක සම්මාන ගන්නා හිටපු නඩුකාරයින් සිටියද, ඒ නවකතා ඇසුරෙන් සිනමා කෘති කරන සිනමාකරුවන් සිටියද, jouissance යන්න පිළිබඳව ඔය කිසි වෙකුටත් දිලිත්ට ඇති අවබෝධය (ආතල් එක ගැන අවබෝධය) හෝ නොමැත. ඒ අනුව jouissance යන වචනයට ගැලපෙන ම සිංහල වචනය “ආතල් එක” (ලකාන් හැමවිට ම jouissance යන්න භාවිත කොට ඇත්තේ ඒක වචනයක් ලෙස නියත අව්‍යය පදයක් ද මුලින් යොදා ය.) දිලිත්ට අනුව ඔහුගේ ආතල් එක වන්නේ ඔහුගේ විඳවීම (සතුට අහිමි වීම) යි. ඒ අනුව ආතල් එක හෙවත් jouissance ඇත්තේ විඳවීම සමගම ය. ඔහු ඒ බව මෙසේ කියයි:
මම රුපියල් 500ක් අම්මගෙන් ඉල්ලගෙන කොළඹ ඇවිත් අමාරුවෙන් මේ තත්වෙට ආවේ…. මම ගන්නේ රුපියල් 83000ක වැටුපක්…ඒකත් අර කොටහළු මගුල් ගෙවල් වලට දෙන්න ඕන නිසා…. අවංක ව මම කියන්නේ මේ ධනය සහ සතුට අතර කිසිම සම්බන්ධයක් නැහැ කියලා…ඊට වැඩිය ආතල් වැඩ ගොඩක් තියනවා…සූස්ති ගැසීම, නස්පුක් වෙන්න බීම, එළිවෙනකම් බයිලා කතා කර කර සිටීම,…..මම අනිත් අයට ආතල් දෙන්න මගේ ආතල් කඩා ගන්න කිසි සූදානමක් නැහැ…
ඔහු පැහැදිලිව කියන අනෙක් කාරණය වන්නේ “ධනය සහ සතුට ( happiness ) අතර කිසිම සම්බන්ධයක් නැහැ” යන්න යි. නමුත් ඔහු ගන්නා ආතල් පවතින්නේ එම ධනය කරා යන ගමන තුළ ය. ඔහු මේ කියන්නේ තමන්ගේ ආශාව යනු තවෙකෙකුගේ (තවත් අයගේ) ආශාව වෙත තමාගේ ඇති ආශාව බවත්, යමක් (ධනය) තමාගේ ආශාවේ වස්තුව වන්නේ එය තවෙකෙකුගේ ආශාවේ වස්තුව වී තිබීම නිසා බවත් ය.
ඒ අනුව කෙනෙක් ඊර්ෂ්‍යා කරන්නේ, එනම් ආත්මය ඊර්ෂ්‍යා කරන්නේ අනෙකා සතු වටිනා වස්තුව වෙත නො වේ. ඒ නිසාම අනෙක් අතට ආත්මය ඊර්ෂියා කරන්නේ අනෙකාට එම වස්තුව භුක්ති විඳිය (enjoy) හැකි අකාරයට ය. එනම් ඔහු එය භුක්ති විඳීන විධියට ය. එම වස්තුව සොරකම් කොට තමා සන්තක කොටගෙන තබා ගැනීම ප්‍රමාණවත් නො වන්නේ එබැවිනි. එබැවින් ඊර්ෂ්‍යා කරන්නෙකුගේ
සැබෑ ඉලක්කය වන්නේ අනෙකාගේ භුක්ති විඳීමේ ශක්‍යතාව/ධාරිතාව විනාශ කොට දැමීම වන විට එම භක්ති විඳීමේ ශක්‍යතාව/ධාරිතාව අත්පත්කොට ගන්නා අයෙකු යනු දිලිත් වැනි (හොඳ) අයෙකි. ඊර්ෂ්‍යා කාරයින් යනු ඇමෙරිකාවේ ට්වින් ටවර්ස්වලට ප්‍රහාර එල්ල කරනා අය වැනි අයයි.
ඒ අනුව පෙනී යන්නේ ඊර්ෂ්‍යාව ස්ථානගත විය යුතු එහි ත්‍රිත්වයක් ඇති බව ය. එනම් , ඊර්ෂ්‍යාව, සකසුරුවම (ඉපයීම), දුකෙන් පිරුන බව (melancholy) යන වස්තුව භුක්ති නො විඳිය හැකි ආකාර තුන සහ සත්තකින් ම පරාවර්තීමය වශයෙන් භුක්ති විඳීමේ දැඩි නො හැකියාව යි.
ප්‍රජාතන්ත්‍රවාදී සමාජයේ අභිමානනීය පුද්ගලයාගේ ප්‍රමෝදය (enjoyment) ශුද්ධ ලෙස ම නිශේධනාත්මක වන අතර එය අපගේම සතුටුදායක ඉඳීම තුල සන්තෘප්තිය සෙවීමට දඟලන්නේ නැත. එය පවතින්නේ ම අනෙකාගේ දුර්භාග්‍යය තුළ ය.

Leave a Comment