යෝධයින්ගේ ලෝකය

ගෝඨාභය පලවා හැර රට සුරපුරයක් කොට ගැනීමට දඟලන ගෝල්ෆේස් “ජනතාව”සඳහා මානවවාදී සංගීත ප්‍රසංග, බුද්ධිමය සංවාද වැනි දෑ දිනපතා පැවැත්වෙමින් තිබේ. ඊයේ දිනයේ පැවැත් වූ බුද්ධිමය සංවාදයේ තේමාව වූයේ අයිසැක් නිව්ටන්ගේ ප්‍රකාශයකි.

ඔවුන් උපුටා දක්වා ඇත්තේ නිව්ටන්ගේ ප්‍රකාශයකින් කොටසකි. එබැවින් එහි අර්ථය වෙනස් වී ඇත.

ඔවුන් විසින් උපුටා දක්වා ඇති කොටස…

නිව්ටන්ගේ සමයේ එනම් පහළොස්වන සියවස යනු මේ කියන ආකාරයේ  “යෝධයින්” බිහි වූ සමයයි. එම යෝධයින්ට අවනත වීමට පෙර සාමාන්‍ය මිනිසුන් සියලු දෙනාට “පෙනුන දුර” (උපමාරූපිකයට අදාලව) එක සමාන විය. තත්වය වෙනස් වන්නේ යෝධයින් බිහි වීමෙන් පසුවය.

 නූතන විද්යාවේ ප්රථම අභිනය (ගැලීලියෝ) සහ කාටිසියානු ආත්මය (“විද්යාවේ ආත්මය”, “ප්රජාතන්ත්රවාදයේ ආත්මය”) සඳහා නිව්ටන්ගේ සමයට යම් කලකට පෙර ඊට අදාළ අඩිතාලම වැටුනද (ඩෙකාට්ස්, ගැලීලියෝ, නිව්ටන් වැනි අය අයත්වන්නේ ‘බුද්ධිප්‍රබෝධි යුගයට” වන අතර ඊට පදනම වැටෙනුයේ “පුනුරුදයෙනි”) නිව්ටන් සිටි සමාජයේ සාමාන්ය මිනිසුන්ට “දැකිය හැකි දුර” බොහෝ දුරට එක සමාන විය. එනම් ඔවුන් සිටි සංස්කෘතියට අදාලව සියලු දෙනා දකින ලෝකය එක සමාන විය.

නමුත් අද තත්වය එසේද ?

අතිශය විවිධත්වයක් සහිත විෂය ක්ෂේස්ත්ර රැසක් බිහිව ඇත (ඒවා තෝරා බේරා ගැනීමට නොහැකි ලෙසින් දැන් පැටලී ඇත). ඒවාට අදාළව මහාචාර්ය සිට පහලම ශ්රමිකයින් දක්වා විශේෂඥයින් බිහිව ඇත. ඒ අනුව අද දවසේ “සංකේතීය දැනුම” ගොඩනැගෙනුයේ එකල මෙන් පාරම්පරිකව අධ්යාහාර වීම තුල නොවේ (සත්තකින්ම එය “සංකේතීය දැනුම” ලෙස සැලකිය නොහැකිය. එසේම “සකෙතීය නීතිය” ක්රියාත්මක නොවන සමාජයක් ද බිහි වී ඇත. එම තත්වය තුල පැනනගින ප්රශ්න වලට ඇති විසඳුම් ඇත්තේ විද්‍යාව සහ ප්රජාතන්ත්රවාදය තුල බව බුද්ධිමතුන් විසින් දකී).

පහත වීඩියෝවේ දැක්වෙනුයේ W.A. විජයවර්ධන නමැති ආර්ථික විද්යාඥයාගේ අදහස් දැක්වීමකි. මේ කාලයේදී මෙසේ සිදුවීමට නියමිත බව ඔහු විසින් කලින්ම ප්රකාශ කොට තිබුණි.

ඔහු පවසා සිටිනුයේ මේ තත්වය ඇති වන බවක් නොදුටු මේ ගෝල්ෆේස් (“ආතල්ගම”) තරුණ තරුණියන් තමන්ගේ අතමිට සරු වන විට රත් වන දිය සැලියේ නටමින් සිටි කකුළුවන් සේ සතුටින් නටමින් සිටි බවය.

එනම් ඉහත නිව්ටන්ගේ ප්රකාශය වත්මන් සමාජයට අදාලව නිවැරදිය. අනාගතය දැකිය හැක්කේ යෝධයින්ගේ උරහිස් මත නැගි අයට පමණි. සාමාන්‍ය මිනිසුන්ට එය දැකිය හැකි නොවේ. නමුත් ප්‍රශ්නය වන්නේ කබ්රාල් හටද එය දැකිය නොහැකි වී තිබීමය. එසේනම් එකම ක්ෂේස්ත්‍රයට අදාළ යෝධයින්ගේ විශාල විවිධත්වයක් සහ එම යෝධයින් භාරගන්න අයගේ ද විශාල විවිධත්වයක් ඇත යන්න පිළිගැනීමට සිදු වේ. එසේ නම් එවිට මෙම යෝධ ප්‍රශ්නය විසඳන්නේ කෙසේද ?

නමුත් ආර්ථික විද්යාඥයින් නොසිටි සමයේ, එනම් ආර්ථිකය යන්න මේ අර්ථයෙන් නොතිබූ සමයේ මෙවැනි දේ සිදුවිය නොහැකිය. එසේම එවන් විශේෂඥන්ගේ පැවැත්මක් නොතිබුණි. ඒ අනුව සියලු දෙනා හට පෙනෙනුයේ එකල තිබූ තත්වයන්ට අදාලව එකම දුරකි.

ඇත්තටම අද දවසේ ප්රශ්නය වන්නේ යෝධයින්ගේ විශාල විවිධත්වය සහ ඒ විවිධත්වය තුලින් ගොඩනැගෙන කතිකාවන්ය. එනම් සියලු දෙනාට යෝධයින්ගේ බලපෑම විවිධ මාත්‍රාවන්ගෙන් තිබීමය. මේ විවිධ මට්ටම් වල විවිධ යෝදයින් සහ අඟුටු මිට්ටන් වර්ග රැසක් ද සිටින සමාජයකි.

හොඳම යෝධයින් සිටිනුයේ විද්‍යාව සම්බන්ධයෙනි. අප අනීවාර්ය ලෙසම ලෝකය දැකිය යුතුව ඇත්තේ ඔවුනගේ උරහිස් මත නැගීමෙනි (අප ජීවත්විය යුතු ආකාරය, හුස්ම ගැනීම, ආහාරපාන, මලපහ කිරීම, ලිංගිකත්වය ඇතුළු අපගේ සියලු දේවල් තීරණය කරනා යෝධයින් නිර්මාණය වී ඇත).

එහෙත් එසේ උරහිස් මත නැගීමට සියලු දෙනා හට වරම් නොමැත. එය කල හැක්කේ “දක්ෂයින්” හට පමණි. ඒ අනුව සාමාන්‍ය සමාජය යනු එකී “දක්ෂයින්” තුලින් එන කතිකාවන් භාරගන්නා විවිධ මාත්‍රාවන්ගෙන් සැදුම් ලත් සමාජයකි. නිව්ටන්ගේ ඉහත ප්‍රකාශය යනු ඊට පෙර නොතිබූ වර්තමාන සමාජය සඳහා ආරම්භය වැටුන යුගයට අදාළ ප්‍රකාශයකි.

අද දවසේ උද්ග්ඝෝෂකයින් විසින් ඉල්ලා සිටින්නේද සුදුසුම “දක්ෂයින්” තමන් පාලනය කිරීම සඳහා යොදවන ලෙසය. එනම් එනම් යෝධයින් අනුදත් පාලනයකි.

පසු සටහන:

නිව්ටන්ට අනුව ලෝකය සකස් විය යුත්තේ යෝධයින් මතින්ය. එනම් නිව්ටන් යනු ශුද්ධ බුද්ධිවාදියෙකි. එයට ආරම්භයක් දැමූ ඩේකාට්ස් වෙත ඔහු ස්තුතිවන්ත වන්නේ එබැවිනි.

“යෝධයන්ගේ උරහිස් මත නැගී සිටීම” යන වාක්ය ඛණ්ඩය උපමා රූපකයක් වන අතර එහි තේරුම බුද්ධිමය ප්රගතිය සාක්ෂාත් කොට ගැනීම සඳහා පෙර ගමන් කරුවන් වූ ප්රධාන චින්තකයින් විසින් ලබාගත් අවබෝධය භාවිතා කිරීම කල යුතුය යන්නයි. ඩෙකාට්ස් යනු එම සම්ප්‍රදායේ ආරම්භකයා ලෙස නිව්ටන් විසින් දකී.

නිව්ටන් විසින් ඩෙකාට්ස් අගයමින් මෙසේ පවසයි…

“What Descartes did was a good step. You have added much several ways, & especially in taking the colours of thin plates into philosophical consideration. If I have seen further it is by standing on the shoulders of Giants.”

Slavoj Žižek Quote: “I already am eating from the trash can all the time.  The name of this trash can is ideology. The material force of ideol...”

Leave a Comment

%d bloggers like this: