දෘෂ්ටිවාදයේ පැවැත්ම පිළිගන්නා අයගේ ස්ථාවරයන් කිසිසේත් සමජාතීය ලෙස සංලක්ෂිත කළ නොහැකිය. අප ජීවත් වන්නේ දෘෂ්ටිවාදාත්මකව ගොඩනැගුන සමාජයක ද නැද්ද යන්න මත ඔවුන්ගේ වෙනස් කම් ක්‍රියාත්මක නොවේ. නමුත් එය තීරණය වන්නේ බොහෝ දේශපාලන සංසිද්ධීන් අධ්‍යයනය කිරීමේදී දෘෂ්ටිවාදය විශ්ලේෂණාත්මකව හා විවේචනාත්මකව ප්‍රයෝජනවත් න්‍යායාත්මක ප්‍රවර්ගයක් ලෙස රඳවා ගත හැකිද සහ කෙසේද යන්න මතය. දෘෂ්ටිවාදය සමකාලීන සමාජයන්හි පූර්ණ ලෙස ක්‍රියාත්මක වන අතර, ඒ පිළිබඳව විචාරකයින් මාක්ස්වාදී, පශ්චාත් මාක්ස්වාදී හෝ මාක්ස්වාදී නොවන අය වශයෙන් න්‍යායාත්මක කාණ්ඩයක් ලෙස එහි වටිනාකම විමර්ශනය කිරීමට අදහස් කරන්නේ, එක්කෝ එය වෙනත් සංකල්පීය මෙවලම් සඳහා වන කැමැත්ත තුල අතහැර දැමීම සඳහා හෝ විකල්ප සුසන්ධීකරණයක් මගින් එය ප්‍රතිසංස්කරණය කිරීම සඳහාය.
එම බෙදීම වඩාත් පැහැදිලිව ප්‍රකාශ කරන්නේ නම් දෘෂ්ටිවාදය විමර්ශනය කිරීමට මැදිහත් වන පිරිස් මූලික වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකිය යන්නයි. එනම් එය වැදගත් නොවන, වැඩකට නැති දෙයක් සේ ඉවත දමනා කාණ්ඩය සහ විකල්ප සුසන්ධීකරණයක් මගින් එය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වන කාණ්ඩය ලෙසය. නමුත් ලකානියානු ස්ථාවරය එකී ක්‍රියාමාර්ග දෙකම ප්‍රතික්ෂේප කරන අතර එය පෙනී සිටිනුයේ දෘෂ්ටිවාදය අහෝසි කිරීම වෙනුවෙනි. එනම් දෘෂ්ටිවාදය නොමැති සමාජය වෙනුවෙනි.
එසේ නම්, අර්ථයන් සහ සන්දර්භය මත පදනම් වූ අන්තර්ගතයන්ගෙන් ඔබ්බට, ලක්ලාව් සහ ශිෂැක් යන දෙදෙනා දෘෂ්ටිවාදයන්ගේ බල ග්‍රහණය පැහැදිලි කිරීමට යමක් අපට ඉදිරිපත් කරන්නේද ? නමුත් පැහැදිලිව කිව යුත්තේ ෆූකෝ විසින් සිදුකලාක් මෙන් ලක්ලාව් සහ ශිෂැක් යන දෙදෙනා විසින්ම කතිකාවෙන් ( discourse ) පිටත කතිකාමය ගොඩනැංවීමක ( discursive formation ) බලහත්කාරය සහ බලය ස්ථාන ගත කිරීමට නොසොයන බවයි. ඔවුන්ගේ න්‍යායන් කතිකාවට නිශ්චිත සම්බන්ධතාවයක් පවත්වා ගෙන යන නමුත්, ඒ තුල කතිකාවක දෘෂ්ටිවාදාත්මක බලය කතිකාවට අභ්‍යන්තර විය හැකි නමුත්, එසේ වුවත් එය ඔවුන්ගේ ස්ත්වරය තුල එයට ඌනනීය නොවේ. එනම්, ‘වසා දැමීමේ නොහැකියාව’( impossibility of closure ), සෑම සමාජ සමස්ථයක්ම සංලක්ෂිත කිරීමට අදහස් කරන මූලික අවතැන් වීමකි. මෙය ලකානියානු අර්ථයෙන් නම් ‘සංකේතාත්මක අනෙකාගේ අඩුව’යි. එය සෛද්ධ්‍යාන්තික වශයෙන් අර්ථවත් වන්නේ එය ආනුභවික සාධනයට ගොදුරු නොවන බැවිනි. ඒ අවම වශයෙන් ඉහත යෙදුමේ ධනාත්මක අර්ථයෙන් හෝ නොවේ. එහි වටිනාකම විනිශ්චය කළ හැක්කේ එහි න්‍යායාත්මක හා විශ්ලේෂණාත්මක ඵලදායිතාවයේ පදනම මත පමණි.
සමාජ විෂය සම්බන්ධයෙන් ගත් කල, ලකානියානු ස්ථාවරය නොවන දෘෂ්ටිවාදය සම්බන්ධයෙන් ආස්ථානය වන්නේ නිසි ලෙස දෘෂ්ටිවාදාත්මක මොහොත යන්න අර්ථ දක්වනු ලබන්නේ වසා දැමීමේ මායාව ලෙස වීමය. දෘෂ්ටිවාදය සංලක්ෂිත කිරීම සඳහා මායාව පිළිබඳව නැවත හඳුන්වාදීම මෙහිදී වැදගත් වේ. එනම් ‘වැරදි අවබෝධය’ සහ ‘ව්‍යාජ විඥානය’ යන්නයි. එනම් ධනවාදය හෙජමොනියක් බව පවසමින් ඒ සඳහා විකල්ප හෙජමොනීන් ස්ථාපිත කිරීමට උත්සාහ දැරීම හෝ හෙජමොනික දෘෂ්ටිවාදය යන්න හෝ අල්තුෂරියානු අර්ථය තුල දෘෂ්ටිවාදයේ ආකෘතීන් යන්න සමග ලකානියානු ස්ථාවරයට කිසිඳු ගනු දෙනුවක් නොමැත. නමුත් තත්වය එසේ තිබියදී ග්‍රාම්ස්චි, අල්තුෂර්, ලක්ලාව්, ලකාන්, ශිෂැක් වැන්නන්ගේ අදහස් පතාට එකට සිඳුවා කතා කරන්න පිරිසක් බිහි වී තිබේ. එම පතාට එකට සිඳුවන කතාකරුවන්ට අනුව සුළු සුළු වෙනස් කම් තිබුනද ඉහත සියලු දෙනා පිහිටන්නේ එකම ස්ථාවරයකය. එසේම ඔවුන් විසින් එකිනෙකට පරස්පර විරෝධී ඉදිරිපත් කිරීම් සඳහා එකී අය පාවිච්චි කරනුයේ ඔව්න්ගේ ස්ථාවරයන් පිළිබඳව අවබෝධය කෙසේ වෙතත් මන්ත්‍ර ජප කිරීම තුල අසන්නන් වශී කර ගැනීමේ අර්ථයෙනි.
ඒ අනුව ලක්ලාව් සහ ශිෂැක් අතර ප්‍රධාන වෙනස සලකුණු කිරීම තුල දෘෂ්ටිවාදය සහ දැනුම සම්බන්ධයෙන් ලකානියානු ස්ථාවරයට ප්‍රවේශ විය හැකිය.
කෙසේ වෙතත්, ‘වැරදි හඳුනා ගැනීම’ හෝ ‘ව්‍යාජ විඥානය’ වැනි ලක්ෂනාර්ථයන් තුරන් කළ නොහැකි බව ලැක්ලාව් දැඩි ලෙස විශ්වාස කරයි. ‘සමාජයේ අශක්‍යතාවය’ නමැති ලක්ලාව්ගේ ලේඛනයේ ඔහු මෙසේ සඳහන් කරයි.”
ප්‍රතිචාර සහ සංවාද කියවීම සඳහා පහත සබැඳියාවන් වෙත පිවිසෙන්න:
https://www.facebook.com/madawa.rp/posts/1941853755964075
https://www.facebook.com/nirmal.dewasiri.3/posts/4349996811686446?notif_id=1620934029877726¬if_t=feedback_reaction_generic_tagged&ref=notif