උද්ඝෝෂකයින් විසින් ඉල්ලා සිටින්නේ කුමක්ද ?

ආර්ථිකය කඩා වැටුනේ කොරෝනා වසංගතය හේතුවෙන් බව පෙන්වීමට බොහෝ දෙනෙකු උත්සාහ දරමින් සිටී. ඇත්තටම මෙය කොරෝනා නිසා සිදුවූවක් ද? එසේම, ආර්ථිකය කඩා වැටුනේ රාජපක්ෂලා හොරා කෑ නිසා බව අතිශය බහුතර මතයයි.

ආර්ථිකය කඩා වැටීමට නියමිතව තිබූයේ යහපාලන ආණ්ඩුව සමයේය. නමුත් එය එසේ නොවූයේ ණය වාරික ගෙවීම අවුරුදු පහකට කල්දමා ගැනීමට රනිල් සමත් වූ බැවිනි.

එහෙත් ආර්ථිකය කඩා වැටීම ආරම්භ වන්නේ රනිල්ගේ පාලනයේ අවසන් කාර්තුවේ සිටය.

රනිල් විසින් ලබා දුන් ප්‍රධාන සහන පහතින් දක්වා ඇත.

* අත්‍යවශ්‍ය භාණ්ඩ වල බදු අඩු කොට ඒවා ලාභ කළේය. එබැවින් ජීවන වියදම සැලකිය යුතු ලෙස අඩු විය.

* ඉන්ධන මිල අඩු කළේය.

* රජයේ සේවකයින්ට රුපියල් 10000ක් පඩි වැඩි කළේය.

* මහින්ද පාලන සමයේ ලබාගත් ණය ප්‍රමාණයට වඩා තවත් ණය ලබාගත්තේය (එසේ ලබාගෙන අධිවේගී මාර්ග ඉදි කරන ලදී. මාර්ග සංවර්ධනය ඇතුළු අනෙකුත් සංවර්ධන කටයුතුද නොනවත්වා සිදු කෙරුණි. රාජපක්ෂ යුගයේ වර්ධනය කරන ලද ඉදිකිරීම් ක්ෂේස්ත්‍රය තව තවත් පුළුල් විය. එසේම ආයනයන ඉහල ගියේය).

“වැගන් ආර් වසන්තය” පැමිණියේ රනිල්ගේ සමයේය. එසේම අනෙකුත් වාහන ද සෑහෙන ප්‍රමාණයක් අලවි විය. වැඩිම වාහන සංඛ්‍යාවක් රටට ආනයනය කොට ඇත්තේ රනිල්ගේ කාලෙයේදීය. ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු වීම හේතුවෙන් එතෙක් තිබූ වියදමද ඉතිරි වී මසකට තවත් 10000ක් අමතරව ලැබෙන තත්වයක් යටතේ රෝද හතරේ වාහන සිහිනය වෙත බොහෝ රජයේ සේවකයින් ගමන් කරන ලදී. එසේම ඉන්ධන මිල අඩු වීම හේතුවෙන් සහ රැල්ලට වාහන ගැනීම සඳහා තවත් බොහෝ දෙනෙක් පෙළඹුණි. රටේ ඉන්ධන පාරිභෝජනය අතිශය ඉහල ගියේද 2015-2020 අතර තුරය.

මේ සියල්ල සිදු කරන ලද්දේ ණය ලබා ගැනීමෙනි.

පහතින් දක්වා ඇති පළමු ප්‍රස්ථාරයේ දැක්වෙනුය 1970-2022 කාලය තුල ශ්‍රී ලංකාවේ විදේශ ණය ඉතිහාසයයි. 

එම ප්‍රස්තාරයට අනුව ණය ලබා ගැනීමේ සීග්‍රතාවය 2005 වසරින් පසුව එකවර අතිශය ඉහල යාම ආරම්භ වී ඇත.

මේ ප්‍රස්ථාරයේ දැක්වෙනුයේ ආනයන ඉහල ගොස් ඇති ආකාරයයි.

ඒ අනුව පෙනී යන්නේ ලබාගත් ණය ප්‍රමාණයට සාපේක්ෂව ආනයන ඉහල ගොස් ඇති ආකාරයයි.

ඉන් පසුව දක්වා ඇති ප්‍රස්තාර වල අඩංගු වන්නේ ලංකාව තුල පාරිභෝජන මට්ටම් ඉහල ගොස් ඇති ආකාරයයි.

පහත ප්‍රස්ථාරයේ දැක්වෙනුයේ 1960 සිට පෙට්රෝල් පාරිභෝජනය ඉහල ගොස් ඇති ආකාරයයි.

එම ප්‍රස්තාරයට අනුව 2005 වසරේ සිට පෙට්රෝල් පාරිභෝජනය සීග්‍රයෙන් ඉහල යාම ආරම්භ වී ඇත.

පහත ප්‍රස්තාරයේ අඩංගු වන්නේ 2005 වසරේ සිට පෙට්රෝල් පාරිභෝජනය ඉහල ගොස් ඇති ආකාරයයි.

ඉන් පැහැදිලිව පෙනී යන්නේ 2005 වසරේ සිට 2017 වසර දක්වා වන පෙට්රෝල් පාරිභෝජන වෙනස් වීමය. එය සීග්‍ර වශයෙන් ඉහල යාමකි.

පහත ප්‍රස්තාරයේ අඩංගු වන්නේ 2006 වසරේ සිට සුපර් ඩීසල් පාරිභෝජනය ඉහල ගොස් ඇති ආකාරයයි.

පහත ප්‍රස්තාරයේ අඩංගු වන්නේ 1991 වසරේ සිට 2017 වසර දක්වා එල්. පී. ගෑස්  පාරිභෝජනය ඉහල ගොස් ඇති ආකාරයයි.

 

පහත ප්‍රස්තාරයේ අඩංගු වන්නේ 2006 වසරේ සිට 2017 වසර දක්වා වසරේ සිට එල්. පී. ගෑස්  පාරිභෝජනය ඉහල ගොස් ඇති ආකාරයයි.

පහත ප්‍රස්තාරයේ අඩංගු වන්නේ 1960 වසරේ සිට 2017 වසර දක්වා ගුවන් යාන ඉන්ධන පාරිභෝජනය ඉහල ගොස් ඇති ආකාරයයි.

පහත ප්‍රස්තාරයේ අඩංගු වන්නේ 2006 වසරේ සිට 2017 වසර දක්වා පෙට්‍රෝලියම් නිෂ්පාදන ඉහල ගොස් ඇති ආකාරයයි.

පහතින් දක්වා ඇති දත්ත ප්‍රස්තාර තුලින් පැහැදිලිව පෙනී යන්නේ 2004 වර්ෂයෙන් පසුව තත්වය සහ 2015 යහපාලන සමය තුල තත්වයයි.

ඉහත ප්‍රස්තාර වලට අනුව වැඩිම වාහන අලවියක් වාර්තා වන්නේ 2016 සහ 2017 වර්ශ වලය. එය එකවරම වාහන අලවියේ සීග්‍ර ඉහල යාමකි. ඒ සඳහා ඉන්ධන මිල අඩු කිරීම, බදු සහන සමගින් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු කිරීම, පඩි වැඩි කිරීම යන කරුණු විශාල වශයෙන් බලපෑවේය.

පහත ප්‍රස්තාරයෙන් යුද්ධය අවසන් වීමෙන් පසුව කාර් ඇලවිය ඉහල යන අකාරය පෙන්නුම් කරයි.

පහත දැක්වෙන ප්‍රස්තාර විසින් ඉතාම පැහැදිලිව පෙන්නුම් කරනුයේ ආදායම් සහ වියදම් වල තත්වයයි. 2005 වසරෙන් පසුව එහි සීග්‍ර වර්ධනය සහ 2015න් ආරම්භ වන යහපාලන සමය තුල එහි උච්ඡස්තානය සලකුණු වේ.

 

ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ එක්සත් ජාතීන්ගේ COMTRADE දත්ත ගබඩාවට අනුව 2020 වර්ෂයේදී ශ්‍රී ලංකාව විදුලි, ඉලෙක්ට්‍රොනික උපකරණ ආනයනය කිරීම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.27 ක් විය. ශ්‍රී ලංකාව විදුලි, ඉලෙක්ට්‍රොනික උපකරණ ආනයනය – දත්ත, ඓතිහාසික ප්‍රස්ථාරය සහ සංඛ්‍යාලේඛන – අවසන් වරට යාවත්කාලීන කරන ලද්දේ 2022 අප්‍රේල් මාසයේදීය.

ඉහත දත්ත වලට අනුව පැහැදිලිව පෙනෙන කාරණයක් වන්නේ 2005 වසරේ රාජපක්ෂ වරුන් බලයට පත්වීමෙන් පසුව ඊනියා ජනතාව විශාල පාරිභෝජනවාදයකට තල්ලු වී ඇති බවය. එසේම විශාල සමාජීය වෙනසක් ද සිදුව ඇති බවය. ඉහත දත්ත තුල අධ්‍යාපනය සඳහා වන විදේශ වියදම් ඇතුලත්ව නොමැත. 2005 වසරින් පසුව ඒවාද ක්‍රමයෙන් සීග්‍ර ලෙස ඉහල ගියේය.

ඒ සියල්ල එකවර එසේ ඉහල ගියේ විශාල වශයෙන් ණය ලබා ගැනීමෙන් සහ ලංකාව තුල පරිසරය සූරාකෑමෙනි (ගල්, වැලි, පස්, මැටි, බොරළු, ගස්). එසේම පාරිසරික හානි නොසලකා විදේශ ආයෝජන ගෙන්වා ගැනීමෙනි. කෙසේ වෙතත් විදේශ ආනයන සහ වියදම් සමග සැසඳීමේදී ලංකාව තුල ආයෝජන වලින් හෝ සංචාරක කර්මාන්තයෙන් උපයා ගත හැක්කේ සොච්චමකි. කර්මාන්ත වලට වැය වන බලශක්තිය සහ සංචාරක කර්මාන්තයේදී වැයවන විදේශ විනිමිය සැලකීමේදී වක්‍රව බැලූ කල ඒවායේ සත්‍ය ආදායම් සංඛ්‍යා ලේඛන වල හරියාකාරව සටහන් වන්නේ නැත. එනම් එම ආදායම් වල සත්‍ය වටිනාකම මූර්තිමත්ව ඇති වටිනාකම නොවේ. ඒ අනුව ඉහත ප්‍රධාන දත්ත වලට අදාළ පාරිභෝජන ඉහල නැගීමට අදාළ ප්‍රධාන සාධකය ණය ලබා ගැනීමය. ණය පිළිබඳව ප්‍රස්ථාරයේ ණය ප්‍රමාණය ඉහල යාමට අනෙකුත් ප්‍රස්තාර අනුලෝම වශයෙන් සමානුපාතික වීම තුල එය පැහැදිලිව දැකගත හැකිය.

2015 වසරේ රාජපක්ෂලා පරාජය වූ පසුව රනිල් වික්‍රමසිංහ ඇතුළු ලිබරල් නඩය උත්සාහ දරනුයේ රාජපක්ෂලා විසින් ලබාදුන් පාරිභෝජන තත්වයට වඩා උසස් පාරිභෝජන තත්වයක් ලබා දීමටය. ඉහත ප්‍රස්තාර තුලින් එය පැහැදිලි වේ. නමුත් 2018 වසරේ සිදු වූ පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසුව ඇති වූ ආර්ථික පසු බෑම හේතුවෙන් නැවතත් රාජපක්ෂලා බලයට පත්විය. 69 ලක්ෂයක් ඊනියා ජනතාව රාජපක්ෂලා හට බලය ලබා දෙන්නේ තම සිංහල බෞද්ධ ප්‍රමෝදය සොරා ගන්නා (ඔවුනට දැනෙන පරිදි) මුසොල්මානුවා අනෙකා කරගනිමිනි. නමුත් රනිල් වික්‍රමසිංහ විසින් කල්දමා ගත් ණය වාරික ද සහිතව ණය ගෙවීමට ඔවුනට සිදු වී ඇත. එපමණක්ද නොව, රනිල්ගේ පාලන සමයේ විශාල ලෙස එකවර ඉහල ගිය වාහන ආනයනය, එලෙක්ට්‍රොනික සහ එලෙක්ට්‍රිකල් උපකරණ ආනයනය, තුල ඒවාට අදාලව බලශක්ති අවශ්‍යතාවය ඉහල යාම වැනි බොහෝ කාරනා ඉස්මතුව ඇත.

රනිල් වික්‍රමසිංහ, හර්ෂ ද සිල්වා සහ රොහාන් සමරජීව වැනි අය දැන් මහා ආර්ථික විශ්ලේෂකයින් ලෙස පෙනී සිටියද ඔවුන් විසින් 2015 වසරේ සිට සිදු කොට ඇති හරිය ඉහත ප්‍රස්තාර තුලින් බලාගත හැකිය. ඒවා බැසිල් රාජපක්ෂගේ ක්‍රියාවන්ට එහා ගිය ක්‍රියාවන්ය.

රනිල්ගේ උත්සාහය වූයේ බලය රැකගැනීමයි (සංවර්ධනයට එරෙහි වෙමින් ඊට හරස්ව සිටියේ සිරිසේනයි). ඒ සඳහා රාජපක්ෂලාට වඩා එහා ගිය පාරිභෝජනවාදයක් ලබා දිය යුතුව තිබූ බව ඔහු දනී. UNP ඡන්ද පොරොන්දුවක් වූයේ සියලු දෙනාට කාර් රථයක් යන්නයි.

ඒ අකාරයෙන් බලන කල මේ උද්ගෝෂණය කරනා ඊනියා ජනතාව මේ යථාර්තයෙන් ස්වායත්ත පිරිසක්ද ? ඔවුන් විසින් ඉල්ලා සිටිනුයේ ගොඨාභය ගෙදර යවා මේ පාරිභෝජනය දිය හැකි කෙනෙකි.

2005 වසරින් පසුව, විශේෂයෙන්ම යුද්ධය අවසන් වීමෙන් පසුව රාජපක්ෂ ආණ්ඩුව යටතේ විශාල ලෙසම වර්ධනය වූ ක්ෂේස්ත්‍රය වන්නේ ඉදිකිරීම් සහ මහාමාර්ග ක්ෂේස්ත්රයයි. එය රට තුල විශාලතම ආර්ථිකයකි. ඊට අමතරව වර්ධනය වූයේ ආනයනික භාණ්ඩ වෙළඳපොලයි. ඒ තුල අලුතෙන්ම විශාල වශයෙන්ම වර්ධනය වූ ක්ෂේස්ත්‍ර වූ එලෙක්ට්‍රොනික, එලෙක්ට්‍රිකල්, කොස්මටික්, නිමි ඇඳුම්, සපත්තු, වැනි භාණ්ඩ පාරිභෝජනය ඉතාම ඉහල ගිය අතර ඊට අදාළ සමාජීය සාධකද වර්ධනය විය.

ඒ අනුව උද්ගෝෂණය කරන ඊනියා ජනතාව යනු ඉහත ක්ෂේස්ත්‍ර තුල අර්බුධයට ගොස් ඇති අයයි.   

 

3 thoughts on “උද්ඝෝෂකයින් විසින් ඉල්ලා සිටින්නේ කුමක්ද ?

  1. මේ ඉස්පාටකස්ලාට බලයට සහ පරිභෝජනයට ඇති ආසාව සහ බිජුහීනතාවය අතර තියෙන සම්බන්ධය නොතේරෙන හැටි

Leave a Comment