ප්‍රජාතන්ත්‍රවාදයේ ව්‍යාජය

බලහත්කාරයෙන් එන්නත් කිරීමට අවශ්‍ය බව විශ්වාස කරන්නා කවුරුන්ද? එසේ විශ්වාස කරන්නේ කෙසේද?

එන්නත්කරණයට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයේ නඩු දෙකක් මේ වන විට පවරා ඇත. ඉන් එකක පදනම “නියුරම්බර්ග් සංග්‍රහය” උල්ලංඝනය වී ඇති බවය. එසේම බලහත්කාරයෙන් එන්නත් කිරීමට එරෙහිව ලංකාවේ අධිකරණයක පෙත්සමක් විභාග වී තීන්දුවක්ද ලබා දී ඇත. ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදය අගයන ඒ වෙනුවෙන් පෙනී සිටින බුද්ධිමතෙකුට පැවසිය හැක්කේ එම අවස්ථා දෙක ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති වටිනාකම පෙන්වන අවස්ථා දෙකක් බවය. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව එවැනි බුද්ධිමතෙකුට හසු නොවනා දෙය තුල ඇත්තේ විමුක්ති දේශපාලනය ඉස්මතුවීම වැළක්වීමේ ක්‍රියාකාරීත්වයයි.

1. වසංගත තත්වයක් මීට වඩා උග්‍ර වන්නේ නම් හමුදාව හෝ යොදා එන්නත් කරන තත්වයකට හෝ වෙන යම් ක්‍රියාමාර්ගයකට යාම සඳහා රාජ්‍යයන් පත්වීම නොවැලැක්විය හැකිය. ලෝකයේ උග්‍රතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය සහ ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන්මල්කඩ වන ඇමරිකානු ව්‍යවස්ථාවට අනුවම උග්‍ර වසංගතයක් අවස්ථාවේදී රට හමුදා පාලනයට නතු කල හැකිය. “කසේන්ද්‍රා ක්‍රොසින්” චිත්‍රපටයේ පෙන්වන්නේ වසංගතයක් සම්බන්ධයෙන් එවැනි තීන්දුවක් ගත් අවස්තාවක ඊට එරෙහිව මිනිසුන් සටන් කිරීමට පෙළඹෙන ආකාරයයි. එය ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා සිටින සටනක් නොව ජීවිතය ඉල්ලා සිටින සටනකි.

2. ඉහත ආකාරයේ නඩු පැවරීමට, එරෙහි වීමට, ඉඩ කඩ තිබීම තුල සිදුවන්නේ පවතින තත්වයම සුජාතකරණය වීමයි. එනම් බලහත්කාරයෙන් එන්නත් කිරීම වැලකී යන මුත් (අවශ්‍ය වුවහොත් මොන නඩු තීන්දුව තිබුනද අදාළ ක්‍රියාමාර්ගයකට රාජ්‍යයන් ගමන් කරනු ඇත) එකඟතාවයෙන් එන්නත් කිරීම හොඳින්ම සිදුවීමය. නමුත් එයම බලහත්කාරයක් බව නොපෙනී යාමය. ප්‍රජාතන්ත්‍රවාදය තුල හැමවිටම සිදුවන්නේ එයයි.

පහතින් දක්වා ඇත්තේ නියුරම්බර්ග් එල්ලා මරණ ලද ඡායාරූපයයි.

බොරුවෙන් ජනතාව රැවටූ මාධ්‍යවේදීන්, මිනිසුන්ව ඌරන් ලෙස පරීක්ෂණ සඳහා ගෙන ගොස් අත්හදා බැලීම් කළ වෛද්‍යවරුන් සහ හෙදියන් ද ඝාතනය කරන ලදී. අතීතය අමතක කරන අය එය නැවත පණ ගැන්වීමට උත්සුක වනු ඇත.

නියුරම්බර්ග් සිද්ධිය විසින් තත්වය සකස් කරන ලද්දේ එවැනි පරීක්ෂණ සඳහා මිනිසුන් යොදා නොගත යුතුය යන්න වෙත පමණි. නමුත් සතුන් යොදාගෙන හෝ වෙන ඕනෑම ආකාරයකින් නිසි උගතුන්ට එවැනි පරීක්ෂණ කිරීමේ තත්වය ඉන් තවත් තහවරු විය. එය වෙනත් ආකාරයකින් පවසන්නේ නම් ඍජුව මිනිසුන් යොදා පරීක්ෂණ කිරීම තහනම් වුවද සතුන් යොදාගෙන හෝ වෙන යම් ආකාරයක පරීක්ෂණ සිදු කිරීමට සුළු පිරිසකට ඇති හැකියාව සහ එම සුළු පිරිසට අති මහත් බහුතර මිනිසුන් පිළිබඳව තීන්දු-තීරණ ගැනීමේ හැකියාවක් තිබීම සහ එය වැඩි දියුණු කරගැනීමට ඇති ඉඩ නියුරම්බර්ග් සිද්ධියෙන් තහවරු විය.

ධනවාදයට එරෙහි මහා විකල්ප දෙකක් ක්‍රියාත්මක විය. එකක් සමාජවාදය වූ අතර අනෙක ෆැසිස්ට්වාදයයි. දෙකෙහි ක්‍රියාකාරීත්වය අතින් වෙනසක් තිබුනද ගුණාත්මක අතින් ලොකු වෙනසක් නොවීය. ෆැසිස්ට්වාදය අවසන් වී සමාජවාදය ද අවසන් වී ලිබරල් ධනවාදය හොඳින් ස්ථාපිත වීම තුල නව ක්‍රියාකාරීත්වයකින් පැරණි ෆැසිස්ට්වාදය අද වන විට කෙතරම් වර්තමානය තුල බලවත්ද යත් එය අද නව ගැටලුවක් නොවේ. සියලු දෙනා දැන් ඒ පවතින ෆැසිස්ට්වාදය තවදුරටත් තැවරු කිරීම සඳහා සූදානම් වෙමින් සිටින්නෙමු. ඒ අනුව පුරාතන ෆැසිස්ට්වාදය ජනප්‍රවාදයක් බවට පත් වී ඇති සම්බන්ධයක් තුල සමස්ත නව-ෆැසිස්ට්වාදයක් ස්ථාපිත වෙමින් තිබේ. ඍජු දේශපාලනයක් සහ යුද ආර්ථිකයක් වෙනුවට, නව-ෆැසිස්ට්වාදය යනු ආරක්ෂාව සඳහා ගෝලීය අවබෝධයක් (දැනුම මූලික කොට ගත්), අඩුවක් නොමැති බිහිසුණු “සාමය” කළමනාකරණය සඳහා, සියලු අකාරයේ කුඩා හෝ බිය සංකාවන්, සියලු කුඩා හෝ කාංසාවවන් සම්බන්ධීකරණය කරන ලද සංවිධාන ව්‍යුහයක් සමඟින් අපව දැඩි ලෙස ක්ෂුද්‍ර ෆැසිස්ට්වාදීන් බවට පත් කරයි. එය අපගේ සියලු අකාරයේ ක්‍රියාකාරකම්, ඇවතුම් පැවතුම්, ජීවන පුරුදු, සංස්කෘතික සුවිශේෂතාවන්, මිනිස් සම්බන්ධකම්, ඇතුළු සියල්ල කෙරෙහි සංවිධානාත්මක-සම්බන්ධිකාරක වනු ඇත.

ගිලෙස් ඩිලූස් අනතුරු ඇඟ වූ පරිදිම දැන් එය සිදුවෙමින් තිබේ. එනම් ඩිලූස් පැවසූයේ විද්‍යා-තාක්‍ෂණික-ෆැසිස්ට්වාදයේ පිස්සු ම්ලේච්ඡත්වය එහි නියම කාලය එනතුරු බලා සිටින බවය. දැන් ඒ කාලය පැමිණෙමින් තිබේ. ඊලන් මස්ක්ලා ඩිජිටල් අවකාශයක් තුල අපගේ මනස් පාලනයට සැරසෙන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය හොඳින්ම ක්‍රියාත්මක කිරීම සඳහාය. ධනවාදය (විද්‍යාවේ මැදිහත් වීම) විසින් රෝගීන් බවට පත් කොට ඇති සහ ඉදිරියේදී ඒ තත්වය වැඩි දියුණු වීම තුල, එය සුමට සමාජ ක්‍රියාකාරීත්වයට අහිතකර තත්වයක් වන බැවින් සහ වඩා හොඳ ධනවාදී ක්‍රියාකාරීත්වයක් වෙනුවෙන් “සුපිරි මිනිසුන්” බිහි කිරීමේ ව්‍යාපෘතීන් (“super human projects”), “අඟහරු ව්‍යාපෘතිය” සහ “සඳෙහි ජනාවාස” ඉදිකිරීම් වැනි සියල්ල සැලකිය හැක්කේත්, ඉදිරි බිය සංකා, ආහාර, පෝෂණය, බෝග වගාව, වැනි සියල්ල ගැන පමණක් නොව කුඩා බිය සංකාවන් පිළිබඳව, ඉතාම කුඩා දේවල් පිළිබඳව පවා තීන්දු-තීරණ ගැනීමට හැකි ව්‍යාපෘතීන් බිහිවෙමින් පවතින්නේත් එබැවිනි. ඒවා එසේ වෙද්දී පැරණි නාසිවාදය ජනප්‍රවාද රූපකයක් ලෙස පමණක් පවතී.

ධනවාදයට පෙරද අධිකාරීත්වයේ විවිධ ස්වරූප පැවතුනි. පුරාණ ග්‍රීසිය දම්වැල් බැඳගත් වහලුන් සූරාකෑවේය. රෝමයේ එය ඊටත් එහා ගොස් සිදු විය. එයධනවාදය තුල නම් පරාරෝපිත මිනිසුන් ලෙසය. නමුත් පශ්චාත් ධනවාදය තුල සම්පුර්ණයෙන්ම එකඟ වන සහ සම්මුතිගත (එසේම විවිධාකාරයේ එන්නත් කරන ලද) වහලුන් ජීවත් වනු ඇත. අප වැනි සුළුතරයක් හැර සියලු දෙනා ඊට එකඟ වෙමින් සිටී.

Slavoj Žižek: Elon Musk’s desire to control our minds is dehumanizing and not what is needed in a socially distanced world

නමුත් ඉහත කී පෙර පැවති තත්වයන්ට වඩා පශ්චාත් ධනවාදය තුල තත්වයේ භයානකත්වය වන්නේ ඒ තුල භාහිර සොබා දහම පමණක් නොව අභ්‍යන්තර සොබාදහමට ද සුවිශේෂී සුළු පිරිසකට මැදිහත් වීමේ වරම් හිමිව තිබීමත් (මේ තත්වය මින් පෙර අතීතයේ කිසි දිනක නොපැවතුන තත්වයකි), එම තත්වය තුල සිදු වන වෙනස් කම් මහා ඛේදවාචක ස්වරූපයකින් අවසන් වීමට නියමිත වීමත් නිසාය.

 

1 thought on “ප්‍රජාතන්ත්‍රවාදයේ ව්‍යාජය

Leave a Reply to Admin Cancel reply