4වන සැසිය: සාමාන්‍ය ඡන්දදායකයින් වන අප ඇත්තටම වැදගත් දේවල් තීරණය කරනවා ද?

ව්‍යතිරේක කිහිපයක් හැරුණු කොට, ඡන්දය දීමට කරදර වීම වැඩකට නැති වැඩකි. ඒ සාමාන්‍ය ඡන්දදායකයින් වන අප ඇත්තටම වැදගත් දේවල් තීරණය නොකරන බැවිනි. ඔවුනට කිසි සේත්ම එම හැකියාව නොමැත.
එසේනම් අප කළ යුත්තේ කුමක්ද?

පෘතුගාලයට සමාන, එහෙත් නම් නොකළ ප්‍රජාතන්ත්‍රවාදී රටක ඡන්දදායකයින් විසින් ඡන්දය ප්‍රතික්ෂේප කොට වලංගු නොවන ඡන්ද ප්‍රකාශ කරමින් (ඔවුන් මෙසේ ඡන්දය කටුගා දැමීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන වෙත යනුයේ දැඩි වර්ෂා ඇදහැලෙන ඉතාමත්ම අයහපත් කාලගුණ තත්වයක් ද යටතේය) සමස්ත දේශපාලන සංස්ථාපිතයම භීතියට පත් කරන ආකාරය දැක්වෙන ජුවාන් ජෝස් සරමාගෝ ගේ අපූරු නවකතාව වන “Seeing” හි සිද්ධිය තුල එය හුදු ඡන්ද වර්ජනයක් නොවේ.

ප්‍රජාතන්ත්‍රවාදය තුල මැතිවරණ යනු එම ක්‍රමය සහ එහි රාජ්‍ය බලය සුජාතකරණය කිරීමේ ප්‍රධාන චාරිත්‍රයකි. “ජනතාව” යනු එවැනි චාරිත්‍ර විධි ක්‍රම තුල, ඒවාට අනුගත වෙමින් ප්‍රජාතන්ත්‍රවාදය නම් මූලධර්මවාදය (දෘෂ්ටිවාදය) වැළඳගත් පිරිසයි. 

මැතිවරණයකදී ඡන්දය වර්ජනය කිරීම යනු ඡන්ද පොලට නොගිහින් සිටීම නොව දැඩි සංවිධානත්මක අකාරයකින් සූදානම් වී හිස් ඡන්ද පත්‍රිකා හෝ කටු ගෑ ඡන්ද පත්‍රිකා ඡන්ද පෙට්ටියට දැමීමයි. මෙම නවකතාවට අනුව ප්‍රකාශිත ඡන්ද වලින් 83%ක් වලංගු නොවන ඡන්ද පත්‍රිකා වී තිබුණි. නීත්‍යානුකූල කිරීමේ චාරිත්‍රයෙන් ඉවත් වීම පමණක් රාජ්‍ය බලය සඳහා ඇති වලංගුතාවය එකවරම අගාදයකට ඇද දමයි. එය ප්‍රජාතන්ත්‍රවාදය තැතිගැන් වූ තීන්දුවක් බවට පත් වන අයුරු නවකතාව තුලින් විද්‍යාමාන වේ.

එවැනිම තවත් සාදෘශ්‍යයක් ගෙනහැර දැක්විය හැකිය:

ජන මාධ්‍ය ව්‍යුහගත වී ඇති ආකාරය නිසා අප ඇත්ත වශයෙන්ම අදහස් ප්‍රකාශ කිරීමට නොහැකිව මාධ්‍ය නිදහස ඉල්ලා සිටීමේ සිරවී ඇත. මාධ්‍ය පාලනය කරනු ලබන්නේ ප්‍රබල සමාගම් සුළු ප්‍රමාණයක් විසිනි. මෙම ජන මාධ්‍ය ආයතන විසින් නිරන්තරයෙන්ම සිදු කරනුයේ ධනවාදී කතිකාව ශක්තිමත් කිරීමයි. සියලු ජන මාධ්‍ය වල කාර්ය වී ඇත්තේ තම අවශ්‍යතා (ධනවාදයේ අවශ්‍යතා) ප්‍රවර්ධනය කිරීම සඳහා එම මාධ්‍ය භාවිතා කිරීමයි.

Leave a Comment