අධ්‍යතන සමාජයේ මිනිසුන් බලාපොරොත්තු වන “නිදහස” යනු ධනාත්මක තත්වයක් නොවේ. එනම් නිදහස යනු අඩුවක් හෝ අප්රාප්තියකි (නැති වීමක්). එම නිදහස යනු දැනට පවතින අපගේ ලෝකය පිළිබඳ අත්දැකීම් ව්‍යුහගත කරන භාෂාව, සමාජ ප්‍රතිමාන-සම්මුති සහ නීති සම්මතයන්ගේ පද්ධතියේ සංරෝධනයන්ගෙන් නිදහස් වීමට ඇති ඉඩ ප්රස්තාවයි. එවිට එම නිදහස විඳින පුද්ගලයා විසින් අත්පත් කරගැනීම සඳහා බලාපොරොත්තු වන තත්වයන්, දේවල් කරා ඉතා වෙහෙස මහන්සි වී, ආයසසයෙන් ධාවනය වීමේ හැකියාව සඳහා නිදහස උදා වේ.
ඒ අතරම, ‘ප්‍රමෝදය’ බොහෝ විට අත්විඳිනු ලබන්නේ තමන් ජීවත්වන සමාජයේ සම්මතයන්ගෙන්, නීති රීති වලින්, සීමාවන්ගෙන් මිදීමේ මොහොතක් ලෙසය. එසේ නමුත් මෙම ආයාසකර සන්ත්රුෂ්ටියක පසු වීම පෙර කී සංරෝධනයන් වෙතින් නිදහස් වීමක් වුව ද ඒවා තමන්ගේ ජීවිතය තුල නොසන්සුන් හෝ කැළඹුණු තත්වයන්, නැතිවීමක හෝ අර්බුදයක හැඟීමක් ඇති කරයි… නමුත් ඒ තත්වයන් ස්වභාවික ලෙස මිනිසුන් විසින් භාරගනී.
එවිට එම අර්ථයෙන් නිදහස යනු කුමක් ද? එනම් යම් කිසි සමාජයක සංස්ථාපිත වර්තමානයට අදාළ සමාජ ප්‍රතිමාන, නීති රීති භාෂා ව්‍යුහය උල්ලංඝනය කිරීම සඳහා යම් යම් ආකාර වලින් හැකි වීම, පුළුල් වශයෙන් ගතහොත් ඒවාට බලපෑම් කිරීම-වෙනස් කිරීමට ඇති ආශාව විවිධ මාත්‍රා වලින් පන්ති ස්ථරයන්ට අදාලව ක්‍රියාත්මකව පැවතීමයි. ධනවාදයේ ස්වභාවය වන්නේ යම් සීමා කිරීම් වලට යටත්ව ඒවාට ඉඩ කඩ සැලසීමයි. එම තත්වය ‘ප්රජාතන්ත්රවාදය’ ලෙසින් හැඳින් වේ.
2022 වසරේ පැවති ගෝල්ෆේස් අරගලයේ ඉල්ලීම් තුල තිබූයේ තම ආශාවන්ට ඉඩ දෙන, ඒවා මුදුන්පමුණුවාගත හැකි ලිබරල් සමාජයක අවශ්‍යතාවයයි.
ජනතා විමුක්ති පෙරමුණ විසින් රටෙහි බලය ලබා ගන්නේ මෙම ලෝක පර්යාය තුලය. ප්රජාතන්ත්රවාදී නිදහස තුල ආශාවන් මගින් ධාවනය වන නිෂ්පාදනය සහ වෙළඳපොල අර්බුධයට යාම හේතුවෙන් තුන්වන ලෝක යුද්ධයක අවශ්‍යතාවය පැනනැගී ඇත (එයට මුලපුරමින් සිටී).