ධනවාදයට එරෙහි විමුක්ති දේශපාලන මාවතක් එළි පෙහෙළි කර ගැනීමෙහිලා ස්ලවෝජ් ශිෂැක්ගේ න්‍යායික වෙහෙස අප වෙත ආලෝකය සපය යි. ධනවාදයත්, ප්‍රජාතන්ත්‍රවාදයත් හමුවේ ලිබරල් වාමාංශයේ හිලෑවීමට එරෙහි ව ලකානියානු-මාක්සියානු න්‍යායික ස්ථාවරයක් මත පදනම් වන විමුක්ති දේශපාලන ව්‍යාපාරයක හැඩරුව ඔහුගේ ලියවිලි සියල්ල යා කරන නූලක් මෙන් දිව යයි. ඔහුගේ ලියවිලිවලින් සාරසංග්‍රහවාදී ව තැන් තැන්වලින් උපුටා ගන්නා අයට මේ සමස්ත දේශපාලන දැක්ම හසුවන්නේ නැත. ශිෂෙක් ඉදිරිපත් කරන ලකානියානු-මාක්සියානු දේශපාලන ස්ථාවරයෙහි වැදගත් ම පිළිගැනීම් පහත පරිදි සංක්ෂිප්ත කළ හැකි ය:
විමුක්ති දේශපාලනය ප්‍රජතන්ත්‍රවාදී ක්‍ෂිතිජයෙන් ඔබ්බෙහි පිහිට විය යුතු ය.
විමුක්ති දේශපාලන ක්‍රියාකාරිත්වයේ දිශානතිය පවතින්නේ විශ්ලේෂක කතිකාව තුළ ය.
මාක්ස්ගේ වැදගත් ම අදහස ප්‍රාග් කොමියුනිස්ට් සමාජය පිළිබඳ අදහස යි.
ඔහු ගෝලීය ලිබරල් ධනවාදය වෙත වන විකල්ප ඉදිරිපත් කිරීම් සිදු නොකරන අතර ඒ සඳහා වන සියලු විකල්ප ප්‍රතික්ෂේප කරන අතර විප්ලවීය දේශපාලනය නැවත ස්ථාපිත කල යුතු බව කියා සිටී.
එසේම ඔහු සියලු ආකාරයේ බහු විධ අරගල ප්‍රතික්ෂේප කරන අතර ඒ වෙනුවට ඔහු යෝජනා කරන්නේ පන්ති අරගලයයි ( පැරණි අර්ථයෙන් නොවේ ). ඒ කොම්ය්යුනිස්ට් සමාජයක් සඳහාය.
ශිෂැක්ට අනුව බදියු විසින් කොම්ම්යුනිස්ට් උපන්‍යාසය ( communist hypothesis ) ඓතිහාසික සීමාවන් ඉක්මවන ( trans-historical ) ආකාරයක යුතෝපියානු පරමාදර්ශයක් ලෙස යෝජනා කරනා කොම්ම්යුනිස්ට්වාදයේ දැක්මක් ලෙස ඉදිරිපත් නොකරයි. ඔහුට අනුව, අනෙක් අතට කොම්ම්යුනිස්ම් යන්න සැබෑ ඓතිහාසික ප්‍රශ්න සහ ප්‍රතීඝතා( antagonisms ) වෙතට සම්බන්ධිත ව ඓතිහාසිකකරණය විය යුතුමය. කොමියුනිස්ට්වාදය “සදාකාලික අදහසක්” ( “eternal idea” ) හෝ පරමාදර්ශයක් ලෙස සංකල්පනය කිරීම යන්නෙන් ගම්‍ය වනුයේ මෙම අදහස ඉස්මතු කරන ගැටළු අඩු සදාකාලික නොවේ යන්නයි. අප කොම්ම්යුනිට් අදහස සදාකාලික ලෙස සලකන්නේ නම් සැබෑ ඓතිහාසික ප්‍රතීඝතා වල සදාකාලික අශක්‍යතාවය යන්න ප්‍රත්කෂ්‍ය කල හැක්කේ සමව සදාකාලික ලෙසය.
ශිෂැක් ට අනුව කොම්ම්යුනිස්ම්හි තත්වාකාරය විසින් අවශ්‍යය කරනුයේ අසීමිත නිෂ්පාදනය වලක්වාලීම සඳහා ගෝලීය ධනවාදය ඇතුලත අර්බුධය වෙතට යොමු වීම සහ ප්‍රතීඝතා( antagonisms ) වෙතට යොමුවීමය. ශිශේක්ට අනුව මෙම ප්‍රතීඝතා යනු පොදුවේ බුක්ති විඳිය යුතු දේවල්හි අර්බුධයයි ( crises of “the commons”). පොදුවේ භුක්ති විඳිය යුතු දේවල්හි අර්බුධය යනු අපගේ සත්තාවේ සභාග සාරයයි ( “the shared substance of our being”). මනුෂ්‍යත්වය සමස්තයක් ලෙස පරායත්ත බැවින් අපගේ සත්තාවේ සභාග සාරය මත වන නියම ද්‍රව්‍යමය සහ බුද්ධිමය සම්පත් වන්නේ ඒවාය. ශිෂැක් විසින් පොදුවේ බුක්ති විඳිය යුතු දේවල් මූලික ක්ෂේස්ත්‍ර තුනක් ප්‍රභේධනය කරයි.
• සංස්කෘතික පොදු බුක්ති විඳීම් : එනම් “ඥානසම්බන්ධී-ධනවාදයේ” ( “cognitive” capitalism ) සමාජානුයුක්ත ආකෘතීන් ( භාෂාව, සංනිවේධන මාර්ග, අධ්‍යාපනය, එසේම පොදුවේ බුක්ති විඳින අධෝව්‍යුහයන් එනම් පොදු ප්‍රවාහන සේවය, විදුලි බලය, තැපැල් පද්ධතිය සහ එවැනි තවත් දෑ….). ඒවා ධනවාදය විසින් සමාජීය කොට තිබේ.
• භාහිර සොබාදහමේ පොදු බුක්තිය: එනම් දුෂණය නිසා ඇති වී ඇති තර්ජනය, පාරිසරික හානිය, සොභාවික සම්පත් සූරාකෑම ( තෙල් නිධි පටන් සදා හරිත වැසි වනාන්තර දක්වා සහ “සොභාවික වාසභූමි” )
• අභ්‍යන්තර සොභාදහමේ පොදු බුක්ති විඳීම: එනම් මනුෂ්‍ය වර්ගයාගේ ජෛවජනක ප්‍රවේනි උරුමයන්, නව මනුෂ්‍ය විශේෂයන් නිර්මාණය, මිනිස් ස්වභාවයේ විවර්තන ආකෘතීන් සහ එවැනි තවත් දේවල්.
ශිෂැක්ට අනුව වර්තමානයේ commons පිළිබඳව අර්බුධයෙන් මිදීම සඳහා වන යතුර අල්ලාගත හැක්කේ මෙහි සඳහන් අවසාන ප්‍රතීඝතාවය මගින්ය. එය විසින් commons වල කොටුවම ( කොටු කිරීම ) මගින් බහිශ්කරණය වූවන්ගේ අරගලයේ විශ්වීයත්වය සංඥා කරයි. එහි අතුරුපලයක් ලෙස නිර්ධනීකරණය ( පැරණි අර්ථයෙන් නොවේ ) ඉහල නංවයි සහ අප සොයා ගත යුත්තේ ඒ මත පදනම් වූ විමුක්ති අරගල, සටන් කල යුතුම, එසේම ජයගත යුතුම භූමියයි. නිර්ධන සහ වැඩ කරන පන්තිය අතර පැහැදිලි වෙනසක් තිබේ. එනම් නිර්ධනයෙකු වීම වෙලී පවතින්නේ නිශ්චිත ආත්මීය ඉරියව්වක් ( පන්ති අරගලය නියමිත වන්නේ විප්ලවය තුලින් නිදහස අත්පත් කොට ගැනීමටය ) ආරෝපණය වීම සමගය. එය ඕනෑම පුද්ගලයෙකුට අත්කොට ගත හැක්කේ වැඩ කරන පන්තිය විසින් කෙනෙකුගේ ස්ථානය නිෂ්පාදන සම්බන්ධතාවයන්ගේ ධනාත්මක පිළිවෙල ඇතුලත නියම කරන අතරතුරය. ශිෂැක් විසින් පැහැදිලිව කියා සිටින්නේ ආත්මීය සාරයේ අහිමි වීම විසින් නිර්ධනීකරණය අර්ථවත් වන බවය. වර්තමාන දේශපාලනයේ අවබෝධ කර ගත යුතුම ස්ථානය මෙයයි. මාක්ස්ගේ Grundrisse වෙතින් උකහා ගන්නා ශිෂැක් සැම විටම කියා සිටින්නේ නිර්ධනයා යනු සාරයක් නොමැති ආත්මීයත්වයක් ලෙසය. ඒ අනුව නිර්ධානීකරණය අවබෝධකොට ගත යුතුම වන්නේ පොදුවේ බුක්ති විඳිය යුතු දෙවල්හි ( commons වල ) සාරය වෙතින් බහිශ්කරනය වන ආත්මය අහිමි කිරීමේ ක්‍රියාවලිය ලෙසය.
එසේම ධනවාදයේ සියලු නිෂ්පාදනයන් සමසේ බුක්තිවින්දිය හැක්කේ සමාජවාදය තුලින්ය යන වාමාංශික ග්‍රස්තියට අප එරෙහි විය යුතුය.
ශිෂැක් එසේම පැහැදිලිව එරෙහි වන්නේ සමාජවාදය වෙතය. ඔහුට අනුව සමාජවාදය සහ ෆැසිස්ට්වාදය යනු ලිබරල් ධනවාදය සඳහා වූ විකල්ප දෙකකි. ඒ අනුව ඕනෑම පරිකල්පනීය විකල්පයක් දිශානත වන්නේ විනාශය කරාය. සමාජවාදය ගැන සඳහන් කරමින් ඔහු කියා සිටින්නේ “the commons can also be restored to collective humanity without communism” යන්නයි. එනම් ශිෂෙක්ට අනුව කොම්යුනිස්ම් නොමැතිව පොදුවේ බුක්ති විඳිය යුතු දේවල් සාමුහික මනුෂ්‍යත්වය වෙතට, එසේම යථා තත්වයට පත්කළ හැකි ආකාර දෙකක් ඇත. අධිකාරික සමාජවාදී පාලන තන්ත්‍රයක් ( සෝවියට් වැනි ) තුලින් හෝ මූලයන් රහිත ආත්මය නව සැලකිය යුතු ප්‍රජාවක, ඔවුන්ගේ ස්ථානය වෙතට නැවත පැමිණීම තුළින් යන දෙයාකාරයෙන් එය අත්කොට ගත හැකිය. මෙහිදී සිහි තබාගත යුත්තේ චීනය සහ සිංගප්පූරුව තුල ඇති වෙනස් අධිකාරික ධ්‍රැව දෙක සහ ඒවායෙහි මතුවෙමින් වැඩෙනා ජාතිවාදී මූලධර්මවාදය පිලිබඳවය.
ඒ අනුව කොම්යුනිස්ම් යනු සමාජවාදයට එරෙහි වීමය. ශිෂැක් මෙසේ කියයි… “While there may be a socialist anti-Semitism [as in the case of National Socialism], there cannot be a communist form”…. ස්ටාලින්වාදය ගතහොත්, යුදෙව් විරෝධිවාදයේ නැගීම යනු විප්ලවීය සිදුවීම වෙතට භක්තියේ අඩුවක් පෙන්නුම් කිරීමකි.
ශිශේක්ට අනුව කොම්යුනිස්ම් යන්න සදාකාලික අදහසකි. නමුත් සමාජවාදය ක්‍රියාත්මක වන්නේ ඉහත සඳහන් කල පළමු ප්‍රතීඝතා තුන විසඳීම කරා පමණි. ඒ අවසාන ප්‍රතීඝතාය වෙත නොඅමතමින්ය. අවසාන ප්‍රතීඝතාවය විසඳාලීමට හෝ අධිකාරීත්වයකින් තොර සමාජයක් කරා යාමට සමාජවාදයට නොහැකිය. සමාජවාදය තුල දෘෂ්ටිවාදය නඩත්තු වේ. ඒ අනුව තව දුරටත් සමාජවාදය සැලකිය හැක්කේ කොම්ම්යුනිස්ම්හි පහල අවධිය ලෙස නොවන මුත් ගෝලීය ධනවාදය සඳහා වන වෙනත් විකල්පයක් ලෙස පමණිය යන්න ශිෂෙක්ගේ අදහසය. එය විකල්පයක් ලෙස ක්‍රියාත්මක වන්නේ විවිධ අකාරයේ අධිකාරිවාදී ආකෘතීන් සහ ජනප්රියවාදය මත විශ්වාසය තබමින්ය. ඒ නැවතත්, ඇතුළත්කොට ගැනීම සහ බහිශ්කරණය අතර ප්‍රතීඝතා වෙත අත නොගසමිනි.
commons වෙතින් බහිශ්කරණය කරන ලද වීම වෙතට යොමුකිරීම විසින් කොම්ම්යුනිස්ම් යන වචනය භාවිතය යුක්ති සහගත කරයි.
එසේම ශිෂැක් තදින්ම ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතික්ෂේප කිරීම ආරම්භකොට තිබේ. ඔහුට අනුව ප්‍රජාතන්ත්‍රවාදය මේ වන විට ක්‍රියාත්මක වන්නේ කොම්ම්යුනිස්ට් උපන්‍යාසය වෙත ඇති විකල්පයක් ලෙසය.
එසේ වුවත් දේශපාලන ව්‍යාපාරයක් තුල සක්‍රීය නොවීම නිසා ම ශිෂෙක්ගේ ඉදිරිපත් කිරීම්වල යම් යම් ව්‍යාකූලතා ද හඳුනාගත හැකි ය. ස්ලවෝ ශිෂැක් වෙත එල්ල වෙන ප්‍රධාන විවේචන දෙකකි. ඉන් පළමු වැන්න වන්නේ ඔහු විසින් ලකාන් ගුරු කොට සැලකුවද ලකාන්ගේ පරිනත ඉදිරිපත් කිරීම් සහ සමස්ත ඉදිරිපත් කිරීම මග හරින බව ය. එනම් ලකාන් තම ඉදිරිපත් කිරීම පරිසමාප්තියක් කරා ගෙන එන 1968 සිට 1980 කාල වකවානුව දක්වා වන ඉදිරිපත් කිරීම් මගහැර තම ඉදිරිපත් කිරීම් කරන බව ය. එම විවේචකයින් වැඩිදුරටත් ප්‍රකාශ කොට සිටිනුයේ ලකාන් විසින් මනොවිශ්ලේෂණය පිහිටුවන්නේ විද්‍යාවට එරෙහි ව ම වුවද විද්‍යාව පිළිබඳව ලකානියානු අදහස ඍජු ව ශිෂෙක් වෙතින් ඉදිරිපත් නො වන බව ය. එසේම ශිෂෙක්ගේ ඉදිරිපත් කිරීම් නිසා විද්‍යාව පිළිබඳ ව ලකානියානු අදහස downplay වන බව එම විවේචකයින්ගේ අදහස යි.
අනෙක් ප්‍රධාන විවේචනය වන්නේ ශිෂෙක් විසින් දර්ශනය පිළිබඳව ලකානියානු ස්ථාවරය යටගසන බව ය. එනම් දර්ශනයට සපුරා විරුද්ධ ලකාන්ගේ අදහස් දාර්ශනිකන්ගේ අදහස් සමග පටලවා ලකාන් නැවත වරක් දාර්ශනිකයෙකු බවට පත් කරන අතර ම තමා ද දාර්ශනිකයෙකු ලෙස පිහිටුවා ගැනීමට ඔහු කටයුතු කරන බව ය. ( ඔහු සාමාන්‍යයෙන් වසරකට පොත් දෙක තුනක් ලියන අතර මේ වන විට ලියා ඇති පොත් සංඛ්‍යාව 90වකට අධිකය). ශිෂෙක් දාර්ශනිකයෙකු වීමට දඟලන බව ප්‍රකාශ කරන ඔහුගේ විරුද්ධවාදීන් වෙත ශිෂෙක් විසින් සාර්ථකව පිළිතුරු දෙනු ලැබුව ද එම පිළිතුරු න්‍යායික තලයට පමණක් සීමා වන, පැහැදිලි කිරීම් ඉතා අව ම ඒවා ය. අනෙක් අතට එම පිළිතුරු මගින් ඔහු කරන්නේ තම කාර්යය තවදුරටත් කරගෙන යාම සඳහා වන ස්වයං-සාධාරණිකරණ න්‍යායක් ගොඩ නගා ගැනීම ය.
මෙසේ විවේචන ගෙන එන අය වන්නේ අලාන් බදියු, බ්රුනෝ බූස්ටීල්, ඇඩ්රියන් ජොන්ස්ටන් වැනි අය යි. ඔවුන් විසින් එම විවේචන ගෙන එන්නේ දර්ශනය හෝ විද්‍යාව පිළිබඳව වන ලකානියානු අදහස ඔවුන් පිළිගන්නා නිසා නො වේ.
බ්රුනෝ බුස්ටීල් ප්‍රකාශ කරනා පරිදි ලකාන් මෙන් දැඩි විශ්වාසයකින් යුතුව ශිෂැක් විසින් අදහස් ඉදිරිපත් කරන්නේ නැත. බුස්ටීල්ට අනුව ශිෂෙක් එසේ කරනුයේ දාර්ශනිකයෙකු ලෙස තම නම්බුකාරකම රැකගැනීම සඳහා ය. ශිෂැක් ජනප්‍රිය වූයේ සංස්කෘතික තලයේ අදහස් දිරිපත් කිරීම නිසා ය. මුල්කාලයේ ඔහුගේ ප්‍රධාන කාර්යක් වූයේ සිනමා කෘති විශ්ලේෂණය යි. ලංකාව තුළ ශිෂැක්ගේ අදහස් ඉදිරිපත් වන්නේ ද ඔහුගේ සංස්කෘතික ඉදිරිපත් කිරීම්වල සීමාව තුළ ය ( ඊට අදාළ ලංකාවේ විකාරරූපී ප්‍රකාශනය වන්නේ ලාංකික ඩේවිඩ් ලින්ච් බවට පත් ව ඇති අශෝක හඳගම ය ). බ්රුනෝ බුස්ටීල් ප්‍රකාශ කරනුයේ එම සංස්කෘතික ඉදිරිපත් කිරීම් වෙතින් සම්පූර්ණයෙන්ම ගැළ වී දාර්ශනිකයෙකු වීම සඳහා ශිෂෙක් වලිකමින් සිටින බව ය. සංස්කෘතික අධ්‍යයනයට එරෙහි ඔහුගේ දෘඪ විවේචනය මෙහි ප්‍රතිඵලයක් බව ඔහුගේ අදහස යි.
ශිෂැක්, බ්රුනෝ බුස්ටීල් ඇතුළු ඔහුගේ විවේචකයින් වෙත පිළිතුරක් සපයමින් “am-I-a-philosopher” නමින් පළ කරන ලද ලිපියේ දී පවසා සිටින්නේ තමන් දාර්ශනිකයෙකු නො වන බව යි. ඔහු එය විස්තර කරන්නේ පහත පරිදි ය:
“කාන්ට්ගෙන් පසුව සම්භාව්‍ය හෝ නව-සම්භාව්‍ය අකාරයේ දර්ශනය, එනම් දර්ශනය “ලෝක දැක්මක්” ලෙස, සමස්ත යථාර්ථයේ මූලික ව්‍යුහය පිළිබඳව ශ්‍රේෂ්ට ලෙස විදහා දැක්වීමක් ලෙස, සැලකීම තවදුරටත් වලංගු නොවේ. කාන්ට්ගේ විවේචක හැරවුම සමග, සිතීම යන්න පවතින්නේ හරියට ම දර්ශනයේ ක්ෂේත්‍රය තුළ නො වේ; එය දර්ශනයක් නො වන මුත් විධික්‍රමයකි. එනම් දර්ශනය ස්වයං-පරාවර්ති, එහිම වූ ශක්‍යතාවයේ තත්වයන් පිළිබඳ ව විභාග කිරීමේ කතිකාවක් හෝ වඩාත් නිවැරදිව කියන්නේ නම් එහි ම වූ අශක්‍යතාවයේ තත්වයන් පිළිබඳව විභාග කිරීමේ කතිකාවකි. පාරභෞතිකවාදය (විශ්වය පිළිබඳ ව ධූරානුක්‍රමික සහේතුක ව්‍යුහයේ විස්තරය) අනිවාර්ය ලෙස ම විධි-විරෝධයන් තුළ කොටු වී ඇත, මායාවන් නො වැළක්විය හැකි අකාරයෙන් අවශ්‍ය ව ඇත්තේ ව්‍යුහය තුළ වන හිදැස් පිරවීමට ය. කෙටියෙන් කියන්නේ නම්, කාන්ට්ගෙන් පසු, දර්ශනය යනු තවදුරටත් ස්වාමියාගේ කතිකාව නො වේ, එහි සමස්ත විශ්වාස පද්ධතිය අන්තරස්ථ ( immanent ) අශක්‍යතාවේ, අසමත්වීමේ, සහ අසංස්ථිතියේ බාධකයක් මගින් හරස්-ගමන් කරනු ලබ තිබේ.”
ශිෂැක් කියමින් සිටින්නේ දර්ශනය ස්වාමි කතිකාවක් ලෙස තවදුරටත් වලංගු නො වන බවත්, මේ වන විට එය විධික්‍රමයක් බවත් ය. එමගින් ඔහු තවදුරටත් දර්ශනය ගැන කතා කිරීමට සහ දාර්ශනික පටලැවීම් කිරීම සඳහා පොටක් පාදා ගනී. දර්ශනය වැඩකට නොමැති නම් එහි අශක්‍යතාව පිළිබඳ ව මෙතරම් කතා කළ යුත්තේ ඇයි ? එසේ ම එය සාමන්‍යය ලෝක ජනතාවට අදාළ වන්නේ කෙසේද ? මින් පෙනී යන්නේ තමන්ගේ ඉදිරිපත් කිරීම් තමන්ට දේපළක් වී ඇති තත්වයකි. ඉන් ශිෂෙක්ටද ගැළවීමට නො හැකි ය. ඔහු ඒවා ආරක්ෂාකොට ගැනීමට වෙර දරයි. “Less than nothing” කෘතිය එළි දැක්වීමෙන් පසුව පැවතී සම්මුඛ සාකච්ඡාවක දී ඔහුගෙන් අසන ලද එක ප්‍රශ්නයක් වන්නේ “ශිෂෙක්ගේ ඉදිරි බලාපොරොත්තු මොනවාද?” යන්නයි. ඔහු ඊට දී තිබූ පිළිතුර ඉහත සඳහන් උපුටනයේ ඔහුගේ දර්ශනය පිළිබඳව අදහස නම් නො වේ.
” දර්ශනය ගැන ලියවුනා මදි. මගේ බලාපොරොත්තුව තමයි මීට වඩා තඩි පොතක් ලියන එක. අපි දර්ශනිකයෝ අපෙන් දේශපාලනය බලාපොරොත්තු වෙන්න එපා”
“මම දර්ශනිකයෙක්ද” යන ලියවිල්ල තුලින් තමන් දාර්ශනිකයෙකු නොවන බව ප්‍රකාශ කරනා ඔහු නැවතත් වෙනත් ස්ථානයක දර්ශනය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ලකාන් වෙත පහත සඳහන් විවේචනය ඉදිරිපත් කරයි.
“යමෙක් මෙහි ඉතා පැහැදිලිව තේරුම්ගත යුත්තේ: ලැකාන්ගේ අවසාන අසාර්ථකත්වය ද ඔහුගේ “දාර්ශනික විරෝධී” ස්ථාවරයේ අසාර්ථක වීමයි. එය ඔහුගේ න්‍යායේ දාර්ශනික ඇඟවුම් තුළින් සිතීමට ඔහු දක්වන අකමැත්තෙහි ප්‍රතිපලයකි. හේගල් පොරබදින ප්‍රධාන ගැටළුව මෙම ගැටලුව වන හෙයින්, අපි නිර්භීතව දර්ශනය වෙත ආපසු යා යුතු අතර, හේගල් වෙත සංයුක්තව යා යුත්තේ එබැවිනි. එනම් මායාව තුලින් වෙනතකට යාම අනීවාර්ය විය යුත්තේ ඇයි ? අප එය, එය සමගම නිරපේක්ෂතත්වය පිළිබඳව නරුම ලෙස ක්‍රීයා කිරීමක් ලෙස පැහැදිලි කළ යුතුද? හේගල් සමහර විට කාර්යසාධකමය වශයෙන් දේවල් රැවටිලිකාර ලෙස සූත්‍රනය කරයි, නිරපේක්ෂ අදහස, එයම සමඟම වංචාවක් කලා මෙන්, බහිශ්කරණය කොට ඉන් පසුව මෙම බහිශ්කරණය පරාජය කළේය. අර්ථාන්විත වශයෙන් හේගල් විසින් “ප්‍රමෝදය” ( “enjoyment”) යන වචනයද මෙහි භාවිතා කරයි. ඒ ඔහුගේ විශ්ව කෝෂයේ අවසානම වාක්‍ය තුල ලෙසය.”
“සදාකාලික අදහස, එහි සාරයේ සම්පූර්ණ ඵල දැරීම තුල, සදාකාලිකමය වශයෙන් එයම සකස්කරනුයේ ක්‍රියා කිරීමට, උපදවීමට සහ එයම නිරපේක්ෂ මනස ලෙස විනෝද වන්නටය.
අප විපරීතභාවය වෙතට ඇදවටෙනුයේ නිරපෙක්ෂක්ත්වයක් රඟදක්වනා ( ස්වයං ) උල්ලන්ඝනීය වංචාවන්ම විනෝද වන්නට වන බව පිළිගන්නේ නම් පමණි. ප්‍රතිඵලමය වශයෙන්, මෙම සම්පූර්ණ වින්‍යාසය මුළුමනින්ම ප්‍රතික්ෂේප කළ යුතුය. එය වැතිර පවතින්නේ les non-dupes errent පිළිබඳව නරුම කියවීම මතය. එනම් ඔබට වංචාව කිරීමට තිබෙන්නේ, ඔබ එය සත්‍ය නොවන බව දන්නවා වී තිබියදීත් එය මගින් රවටන ලද වන්නටය.”
මෙය පදගත අර්ථයෙන් ගත හොත්, එහිදී ඔහු තමන් ව හඳුන්වා ගත්තේ දාර්ශනිකයෙකු ලෙස ය. විටක දර්ශනය ප්‍රතික්ෂේප කරන ඔහු විටක දාර්ශනිකයෙකු වෙයි. ශිශේක්ගේ මෙවැනි පරස්පර විරෝධී කතා එමට තිබේ. එහෙත් මෙය උත්ප්‍රාසාත්මක අර්ථයෙන් ගතහොත් මෙහි දී ද ඔහු විසින් කරනු ලබා ඇත්තේ දර්ශනය සහ දේශපාලනය අතර වෙනස පැහැදිලි ව ඉරකින් බෙදා වෙන් කිරීම ය.
දර්ශනය ප්‍රතික්ෂේප කරන සම්ප්‍රදායේ මුලින් ම සිටවිය හැක්කේ මාක්ස් ය. ඔහු විසින් දර්ශනයට එරෙහිව භෞතිකවාදය ස්ථාපිත කරන්නේ එය ලෝක දැක්මක් නොවන විධික්‍රමයක් බව පවසමිනි (මේ පිළිබඳ ව වැඩි විස්තර සඳහා අපගේ “දර්ශනයෙන් ප්‍රතිදර්ශනයට” ලිපි මාලාව කියවන්න) ශිෂෙක් ද “මම දර්ශනිකයෙක්ද” යන ලිපිය තුළ ඇති ඉහත ප්‍රකාශයෙන් කියා සිටින්නේ ද එය යි.
එඩ්රියන් ජෝන්ස්ට්ටන් කියා සිටින්නේ ශිෂැක්ලා දෙදෙනෙකු ඇති බව ය. පළමු ශිෂැක් ඔහුට අදාළ ලකානියානු ස්ථාවරය තුළ සිටින අතර දෙවන ශිෂැක් ලෙනින් නැවත ක්‍රියාත්මක වීමකට (repeating Lenin) ආයාචනා කර යි. අනුභූතිඋත්තර යථාවාදී (speculative realism) ස්ථාවරයේ සිටිමින් ජෝන්ස්ට්ටන් එහිදී කියා සිටින්නේ ලෙනින්ට පමණක් නො ව තම මුළු හදවතින්ම එංගල්ස් නැවත ක්‍රියාත්මක වීම ( repeating Engels) සඳහා අයාචනා කළ යුතු බවත්, එසේම මාවෝගේ ප්‍රතිවිරෝධතාවය (contradiction) වෙතද අයාචනා කළ යුතු බවත්, මේ ඒ සඳහා හොඳ ම කාලය බවත් ය.
ජොන්ස්ටන් මේ කියා සිටින්නේ එංගල්ස්ගේ සොබාදහමේ දයලෙක්තිකය නම් කෘතිය, වානරයාගේ සිට මානවයා දක්වා පරිනාමයේදී ශ්‍රමය ඉටු කල කාර්ය වැනි කෘතීන් ගැන යි. මාවෝගේ ප්‍රතිවිරෝධතාවය යන්නට සමාජ ප්‍රතිවිරෝධතා සේම සොබාවික ලෝකයේ ප්‍රතිවිරෝධතා ද අදාළ (එංගල්ස්ගේ මෙන්ම ) වෙයි. (සත්තකින්ම එංගල්ස්ගේ ස්ථාවරයන් හොඳින් පැහැදිලි කොට දී ඇත්තේ අපනාසියෙව් විසිනි). ජොන්ස්ටන් මෙහිදී අවධාරණය කරන්නේ පළමු ශිෂෙක් විද්‍යාවට සහ යථාවාදයට එරෙහි ලකානියානු ස්ථාවරයක සිටින බවත් දෙවන ශිෂෙක් විද්‍යාවට සහ යථාවාදයට හොරෙන් පක්ෂ බවත් ය. මේ සඳහා ඔහු යොදාගන්නේ ශිෂෙක්ගේ න්‍යායික ප්‍රකාශනයන් නො ව දේශපාලන ක්‍රියාකාරීත්වය සඳහා වන ඉදිරිපත් කිරීම් සහ අද්‍යතන දේශපාලනය පිළිබඳව කරන ප්‍රකාශයන් ය. එසේ ම ඔහු ශිෂෙක් විද්‍යාවට පක්ෂපාතීවීම සඳහා අමාරුවෙන් අකමැත්තක් දක්වන බව කියන්නේද ඔහුගේ දේශපාලන ප්‍රකාශයන් තුළ ඇති යූරෝ-කේන්ද්‍රීයභාවය සම්බන්ධයෙන් වන ග්‍රස්ථිකත්වය තුළය. ශිෂෙක් තුල එවැන්නක් ඇති බව ඕනෑම කෙනෙකුට පෙනී යන කාරණයකි.
ශිෂැක් “මම දාර්ශනිකයෙක්ද” යන ලේඛනය හරහා ඔහුට ඇති ප්‍රධාන විවේචනයන්ට පිළිතුරු දෙමින් විද්‍යාව පිළිබඳව ලකානියානු ස්ථාවරය දැඩි න්‍යායික උකු බවකින් යුක්තව ඉදිපත් කොට ඇති නමුත් ඔහු එය විස්තර විභාග දක්වමින් පැහැදිලි කිරීමකට නො යයි.
2012 වර්ෂයේ “Less than nothing” කෘතියද ඉන්පසුව “Absolute recoil” කෘතියද ලියමින් ශිෂෙක් හේගල් කරා ගමන් කලද ජොන්ස්ටන්ට අනුව හේගල් යනු ද්‍රව්‍යයේ මූලිකත්වය තහවරු කරගත හැකි අගනාම දාර්ශනික ස්ථාවරය යි.
මේ වන විට හේගල් පිළිබඳව වන ප්‍රවේශ දෙකක් තහවරු වී තිබේ. ඉන් එකක් වන්නේ වර්තමානයේ හේගල් යනු සංවාද භාෂක ව්‍යාපෘතියක් බවට පත්ව ඇති තත්වයකි. එම සංවාදවලට සහභාගී වී ඇති දාර්ශනික ගුරුකුලවල පැවැත්මටත්, ඔවුන් අදාළ වන ඇකඩමියාවන්හි ඇකඩමික කටයුතුවලටත් එය කදිමට ගැලපේ. නමුත් අද්‍යතන සමාජයේ කටයුතු සඳහා දර්ශනය කරන අබමල් රේණුවක බලපෑමක් නොමැත. නූතන විද්‍යාව, අධ්‍යාපනය සහ වෙළඳපොල හරහා නිෂ්පාදනය තුළින් සහ දෘෂ්ටිවාදයක් ලෙසත් යථාර්තය ගොඩනගන අතර දර්ශනය එම නූතන විද්‍යාවේ ජයග්‍රහණ පසුපසින් ගමන් කරන බව ජෝන්ස්ටන් ම පවසයි (වර්තමානයේ විද්‍යාවේ සිදුවී ඇති විජයග්‍රහණ විසින් එංගල්ස් මෙන්ම සමපේක්ෂි යථාවාදයද තහවරු වන බව ඔහු පවසයි).
ශිෂැක් වෙත ඇති එම බොහෝ විවේචන සාධාරණ ය. විවිධ දේශපාලන ව්‍යපෘතිවලට සාරසංග්‍රහවාදී ලෙස ඔහුගේ ලියවිලි සම්බන්ධ කරගන්නට හැකියාව ලැබී ඇත්තේ ම ඔහුගේ මේ වයාකුලතා නිසා ම ය. එය කොතරම් උත්ප්‍රාසාත්මක ද යත් ඔහු පරම ලෙස සතුරු ලිබරල් වාමාංශිකයන්ට පවා ඔහුගේ ලියවිලි තම ස්ථාවරයන් සාධාරණීකරණය කිරීම සඳහා උපයෝගී කරගැනීමට හැකියාව ලැබී තිබේ. ඔහු දැන් කරමින් සිටින්නේ ඔහුගේ මුල් කාලින කෘතිවල ඉදිරිපත් කළ අදහස් විවිධ දාර්ශනිකයින් පටලවමින් නැවත නැවත ඉදිරිපත් කරමින් පොත් ලිවීම ය. සත්තකින්ම එම අර්ථයෙන් ශිෂෙක් යනු මේ වන විට මියගොස් ඇති අයෙකි. දාර්ශනිකයන්ගේ අදහස් සමග පැටලවීම නිසා සිදු වෙමින් පවතින්නේ ලකානියානු ඉදිරිපත් කිරීම් ව්‍යාකුල වීම ය.
මෙයට ප්‍රතිවිරුද්ධ ව වර්තමානයේ දී ලකානියානු ඉදිරිපත් කිරීම පැහැදිලි ව තහවරු කරමින් සිටිනුයේ අලෙන්කාය සුපාන්චිච් විසිනි. What is sex නම් කෘතියේ ෂොන්-ක්ලෝඩ් මිල්නර් විසින් විද්‍යාව සම්බන්ධයෙන් මතුකොට ඇති සංවාදය අනුව යමින් ඇය විසින් ඉදිරිපත් කරන අදහස්වල පිළිබඳ ව ශිෂෙක් ම කියා සිටින්නේ අලන්කා විසින් විද්‍යාව පිලිබඳ ලකානියානු අදහස ඉතා හොඳින් පැහැදිලි කර ඇති බව ය.
ශිෂැක් සම්බන්ධ අපගේ විවේචනය වන්නේ ඔහු විසින් දේශපාලනික ව අදහස් ඉදිරිපත් කිරීමේදී ඔහුගේ සහ නලින්ද සිල්වාගේ වැනි අයගේ වෙනසක් නැති බව ය. ඔහුට දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම හෝ දේශපාලන ඓන්ද්‍රීයභාවයක් අවශ්‍ය නො වන අතර, එසේ නො වී තිබියෙ දී දේශපාලන අදහස් ඉදිරිපත් කර යි. තමාගේ යූරෝ කේන්ද්‍රීය ග්‍රස්තිකභාවය පිළිබඳව තම ස්ථාවරය පැහැදිලි ව ඉදිරිපත් නො කරන ශිෂෙක් විද්‍යාව සම්බන්ධයෙන් වන ලකානියානු අදහස පැහැදිලි නො කරමින් උඩින් අතගා ගෙන යයි. (නමුත් විද්‍යාව පිළිබඳව වන ලකානියානු අදහස ගැන අලෙන්කගේ ඉදිරිපත් කිරීම අගයමින් සිටී ).
ශිෂැක් පිළිබඳව අපට කිව හැක්කේ ඔහු ද වර්තමාන ධනවාදයේ ම ඍජු ගොදුරක් බව ය. දේශපාලන ව්‍යාපෘතියක් සමග එන දයෙලෙක්තික අවශ්‍යතාවයකින් තොර ව ඔහු මෙතරම් පොත් ලියන්නේ එබැවිනි. විවේචන පැමිණෙන විට තමන් දාර්ශනිකයෙකු බව ප්‍රතික්ෂේප කළ ද එදිනෙදා ව්‍යවහාරයේ දී ඔහු දාර්ශනිකයෙකු වීමට කැමති ය. ඔහුගේ ප්‍රකාශවලින් එය එලියට පැමිණේ.
ඔහු දේශපාලන අදහස් ඉදිරිපත් කරන විට ඒවා නූතන විද්‍යාව සමග ගැටීමකට නොයන සේ උපක්‍රමිකව ඉදිරිපත් කරනුයේ තමන් ඉදිරිපත් කරනා දෙය තමන්ටම විශ්වාස නොමැති බවක් හඟවමිනි. උදාහරණයක් ලෙස ඔහු සොබාදහම ගැන කියන කතාව ගත හැකි ය. එය සරල ව පැහැදිලි කළ හැකි ව තිබිය දී තමන්ගේ දාර්ශනික ස්ථාවරය ඉන් පළුදු වේදෝ යන බියෙන් එය පටලවා ඉදිරිපත් කරයි.
අවසාන වශයෙන් කීමට ඇත්තේ ශිෂැක් යනු ද මෙම ධනවාදයේ ම ගොදුරක් බවට පත් ව එහි ජීවත්වන්නෙකු පමණක් බවය. ඔහුගේ ජීවන චර්යාව සහ දවස පුරා වෙහෙසී මුදල් හොයන ශ්‍රීලාංකීය විශේෂඥ වෛද්‍යවරයෙකුගේ ජිවන චර්යාව අතර වෙනසක් නොමැත.
Like this:
Like Loading...
Related
මෙම ලිපියට අදාළ Facebook සංවාදය සහ ප්‍රතිචාර කියවීම සඳහා පහත සබැඳියාව තුලින් යන්න.
https://www.facebook.com/madawa.rp/posts/2803450806346508:49