මැතිවරණ සහ මනොවිශ්ලේෂණය

අප පල කරන අදහස් වලට සමාන්තර අදහස් සේ හැඟී යා හැකි අදහස් ඉදිරිපත් කරන්නේ D.K. ගුණරත්න විසිනි. එය බොහෝ සෙයින් එසේ වන්නේ සමාන වචන සහ ෆ්‍රොයිඩ්, ලකාන්, ෂිෂැක් වැනි නම් අප දෙපිරිසම සභාග කොට ගන්න බැවිනි. නමුත් ඔවුන්ගේ දේශපාලන දැක්මෙන් අපගේ දේශපාලන දැක්ම සපුරා වෙනස්ය. එය එසේ බව අප විසින් තහවරු කොට බොහෝ කල් වුවද … Read moreමැතිවරණ සහ මනොවිශ්ලේෂණය

ස්ලවෝය් ශිෂැක් ගැන

ධනවාදයට එරෙහි විමුක්ති දේශපාලන මාවතක් එළි පෙහෙළි කර ගැනීමෙහිලා ස්ලවෝජ් ශිෂැක්ගේ න්‍යායික වෙහෙස අප වෙත ආලෝකය සපය යි. ධනවාදයත්, ප්‍රජාතන්ත්‍රවාදයත් හමුවේ ලිබරල්  වාමාංශයේ හිලෑවීමට එරෙහි ව ලකානියානු-මාක්සියානු න්‍යායික ස්ථාවරයක් මත පදනම් වන විමුක්ති දේශපාලන ව්‍යාපාරයක හැඩරුව ඔහුගේ ලියවිලි සියල්ල යා කරන නූලක් මෙන් දිව යයි. ඔහුගේ ලියවිලිවලින් සාරසංග්‍රහවාදී ව තැන් තැන්වලින් උපුටා ගන්නා අයට මේ … Read moreස්ලවෝය් ශිෂැක් ගැන

ලාංකීය ප්‍රජාතන්ත්‍රවාදයේ ඉදිරි නියමුවෝ…

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා උදාහරණ…. උදාහරණ 1 බෝම්බ වලින් පාසල් ආරක්ෂා කිරීම සඳහා අක්මීමන පාසලකට යොදවා තිබූ  යුධ හමුදා නිලධාරියෙකු විසින් පාසලට බලහත්කාරයෙන් ඇතුල් වීමට උත්සාහ කල පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කොට තිබේ. එසේ වෙඩි තැබීමට පෙර අදාළ හමුදා නිලධාරියා සහ එම පුද්ගලයා අතර බහින් බස් වීමක් සහ පොරයක්ද ඇති වී තිබේ. අදාළ පුද්ගලයා පාසලට පැමිණ ඇත්තේ … Read moreලාංකීය ප්‍රජාතන්ත්‍රවාදයේ ඉදිරි නියමුවෝ…

වම, දකුණ, වම…. (2) කොටස)

මේ ලිපියේ පළමු කොටසින් අප පෙන්වා දුන්නේ “ප්‍රජාතන්ත්‍රවාදය” ලෙස ලංකාවේ ක්‍රියාත්මක වන ද්වි-පක්ෂ ක්‍රමය අවසන් වශයෙන් ගත් විට එක් පක්ෂයක, සහ ඉනුත් එහාට ගිය විට ජේ. ආර්. ජයවර්ධන නම් තනි මිනිසාගේ දේශපාලන-ආර්ථික වැඩ පිළිවෙළ ම දෙයාකාරයට ක්‍රියාත්මක වීම බව ය. එසේ ම අප එහි දී පෙන්වා දුන් තවත් කරුණක් වන්නේ ලංකාවේ වාමාංශික සහ සුලු ජන … Read moreවම, දකුණ, වම…. (2) කොටස)

වම, දකුණ, වම…. (1) කොටස

ලෝකයේ බොහෝ රටවල ක්‍රියාත්මක වන්නේ ද්වි පක්ෂ යාන්ත්‍රණයයි. පක්ෂ දෙකක් අතර කාල ප්‍රාන්තරයන් ඔස්සේ සිදු වන බලය හුවමාරුව, ඒ සඳහා වන ක්‍රියාවලිය, එම ක්‍රියාවලිය තුළ ඊට අදාළ අනෙකුත් ප්‍රධාන ක්ෂේත්‍රවල ව්‍යුහගතවීම් සහ ඒවා ක්‍රියාත්මක වන තත්වයන් “ප්‍රජාතන්ත්‍රවාදය” නම් තත්වය අර්ථවත් වීමේ ප්‍රධානතම මාදිලිය වේ. “ප්‍රජාතන්ත්‍රවාදය” මූලික වශයෙන් ලංකාවට දායාද වන්නේ 1948න් පසු ව ය. ඊට … Read moreවම, දකුණ, වම…. (1) කොටස

නලින් ද සිල්වාගේ නො වන නලින් ද සිල්වාගේ ම දේශපාලනය

කොළඹ විශ්වවිද්‍යාලයේ කලා පීඨය මගින් ප්‍රකාශයට පත් කෙරෙන ශාස්ත්‍රීය සංග්‍රහයට “ජාතික චින්තනය: ඉතිහාසය සහ දේශපාලනික වැදගත්කම” නමින් පර්යේෂණ ලිපියක් ලියන නිර්මාල් රන්ජිත් දේවසිරි එහි සමාලෝචනයේ දී මෙසේ ප්‍රකාශ කරයි. “ජාතික චින්තනය කතිකාව ආරම්භ වූයේ පවත්නා ධනවාදී සමාජ ආර්ථික ක්‍රමයට විකල්පයක් කෙරෙහි වන මාක්ස්වාදී ගමන් මගට විකල්පයක් පොරොන්දු වෙමින් වුවත්, එය එයින් අපගමනය වූ අතර ඒ … Read moreනලින් ද සිල්වාගේ නො වන නලින් ද සිල්වාගේ ම දේශපාලනය

දර්ශනයෙන් ප්‍රතිදර්ශනයට ( 3 ) කොටස

මාක්ස්ගේ විවේචක ව්‍යාපෘතිය නැවත නැවතත් පෙන්නුම් කරනුයේ අර්ථකතනය වෙතින් දේශපාලන ක්‍රියාකාරීත්වය වෙතට මාවතක් සම්බන්ධ කරනුයේ දාර්ශනික නිෂ්පාදනය (දර්ශනය කාල් ගෑම), දේශපාලන සහ ආගමික ලෝක දැක්මවල් වෙතින් ඉවත් වීම තුළ ය යන්න යි. සරල ව ම මාක්ස් ලෝක දැක්මවල් ප්‍රතික්ෂේප කරයි (මාක්ස්වාදය ලෝක දැක්මක් නො වේ). පසු කාලීන ෆ්‍රොයිඩ් (පරිනත ෆ්‍රොයිඩ්) මේ දාර්ශනික කාල් ගෑම හාස්‍යයට … Read moreදර්ශනයෙන් ප්‍රතිදර්ශනයට ( 3 ) කොටස

පරිසරවාදී අබිං කෑම….

නව ලිබරල් ධනවාදය තුළ ලෝකය අර්බුදයට යන්නේ ආර්ථික වශයෙන් නො ව පාරිසරික ප්‍රතීඝතා (antagonisms) හේතුවෙනි. ඒ බව ලිබරල්වාදීන් තේරුම් ගෙන ඇතත් වාමාංශිකයන් එය තේරුම් ගෙන ඇති බවක් පෙනෙන්නට නැත. 2017 අය වැය නම් කොට තිබුනේ “හරිත අය වැය” නමිනි. ඒ පරිසරවාදී ලිබරල් රටවල් අනුව යමින් මංගල සමරවීර විසින් කළ කාර්යකි. එම අය වැය සකස් කෙරුනේ … Read moreපරිසරවාදී අබිං කෑම….

දිලිත් ජයවීරගේ මනෝවිශ්ලේෂණ පාඩම

දුෂ්ටයා යනු “තමාගේ ම ශුභ සිද්ධිය ගැන පමණක් සිතන” ආත්මාභිමානිකයෙකු (egotist) නො වේ. සැබෑ ආත්මාභිමානියා තම යහපත ගැන කොයි වේලෙත් සිතන නිසා ඔහුට අනෙක් අයට අවාසනාව ඇති කරන්නට තරම් වේලාවක් ඇත්තේ නැත. නරක පුද්ගලයාගේ මූලික දුෂ්ටබව වන්නේ, හරියට ම කියන්නේ නම්, ඔහු තමන් සම්බන්ධයෙන් වනවාට වඩා අනෙක් අය සම්බන්ධයෙන් වැඩට බැස සිටීමය. රූසෝ නිශ්චිත ලුබ්ධිමය … Read moreදිලිත් ජයවීරගේ මනෝවිශ්ලේෂණ පාඩම

දර්ශනයෙන් ප්‍රති-දර්ශනයට (2) කොටස

මේ ලිපි මාලාවෙහි පළමු ලිපිය අවසන් කෙරුනේ බුද්ධිවාදය සහ අනුභූතිවාදය ලෙස හඳුනාගත හැකි බටහිර දර්ශනයෙහි මූලික ධාරා දෙක පිළිබඳ පැහැදිලි කිරීමකිනි. මෙහි දී එමානුවෙල් කාන්ට් පිළිබඳ ව විශේෂයෙන් සඳහන් කළ යුත්තේ ඔහු ඉහත සම්ප්‍රදායන් දෙක එකතු කළ පුද්ගලයා ලෙස සැලකෙන නිසා ය (එසේ වුවත් විමසා බැලීමේ දී පෙනී යන්නේ ඔහු වඩාත් නැඹුරුතාවක් දැක්වුයේ බුද්ධිවාදය වෙතට … Read moreදර්ශනයෙන් ප්‍රති-දර්ශනයට (2) කොටස