නිර්මාල් දේවසිරි සහ “ස්පාටකස් ලිපි” අතර සංවාද මාලාවේ තුන්වන පියවර.

කලින් බලාපොරොත්තු වූ පරිදිම මෙම සංවාදයේදී තීරණාත්මක ස්ථානයකට පැමිණීමට දෙපාර්ශවයටම හැකි විය. ඒ අනුව එළඹිය හැකි නිගමනය වන්නේ මින් ඉදිරියට නිර්මාල් සමග මේ අකාරයේ සංවාද ආකෘතියක් අනවශ්‍ය බවය. ඒ අනුව ඉදිරියට සිදුවිය යුත්තේ දෙපාර්ශවය අතර කරුණු කාරනා නිරාකරණය කිරගැනීම සඳහා පිලිවෙලින් සිදු කරන සාකච්චා මාලාවක් බව අපේ තීරණයයි. එසේ නොමැතිව දෙපාර්ශවයෙන් එක් පාර්ශවයක් ව්‍යර්ථ කෙරෙන ප්‍රශ්න කිරීම්, එනම්  එක් පාර්ශවයකට කට උත්තර නැති වන ආකාරයේ සංවාදයක් නිර්මාල් සහ අප අතර තව දුරටත් වලංගු නොවේ යන්න මෙම සංවාදය තුලින් තහවරු කරන බව අපගේ විශ්වාසයයි.
මෙම සංවාදයේ වඩාත්ම වැදගත් සහ තීරණාත්මක කොටස අවසාන පැය එකහමාර බවට පත් විය.

1 thought on “නිර්මාල් දේවසිරි සහ “ස්පාටකස් ලිපි” අතර සංවාද මාලාවේ තුන්වන පියවර.

  1. ධූරාවලියකින් එන සහ නො-එන ලෙස දැනුම බෙදන ආකාරය අත්තනෝමතික බවක් පෙනනව. දෙමව්පියන් සහ දරුවන් අතර දැනුම සංක්‍රමණයේදී බොහෝවිට ධූරාවලියක් තියෙනව. මම කෘෂිකර්මය ගැන දන්නෙ නැත්නම් ඔබ කෘෂිකර්මය දන්නවනම් අප දෙදෙනා අතර ඇති ඒ විෂමතාවය නිසා ඔබ ඔය කියන පොල් වගාව සම්බන්ධ කරුණු මට එන්නෙ ධූරාවලියකින්. ඔබ කියන්නෙ ආයතනිකගත ධූරාවලියක් නම් ඒක පැහැදිලිව කියන්න.

Leave a Comment