ලිංගිකත්වය දේශපාලනික වීම

LGBTIQ+ ව්‍යාපාරය මෑතක සිට වාර්ෂිකව සංවිධානය කරනු ලබන, ඔවුනටම අවේනික ලක්ෂණ සහිත සංදර්ශන පෙළපාලිය ජුනි පස්වන දින පැවැත්විණි. එය ලංකාවේ පමණක් පැවැත්වෙන්නක් නොව ලෝකයේ රටවල් ගණනාවකම ජුනි පස්වන දිනට ඒ අකාරයෙන් පැවැත්වේ.

ස්වීඩනයේ ජාතික ක්‍රීඩා සම්මේලනය විසින් පැවැත්වීමට සූදානම් වූ ලිංගික ක්‍රීඩා උළෙල (එය අවලංගු වූයේ පවතින ස්වීඩන් ආණ්ඩුව එයට එරෙහි වූ බැවිනි) පිළිබඳව චින්තන ධර්මදාස විසින් අදහස් දක්වා තිබේ. මෙම සංයුක්ත විශ්ලේෂණය සඳහා එම අදහස් දැක්වීම යොදා ගැනේ.

ලංකාවේදී මෙන්ම ලෝකය පුරාමත් එම විපරීත ලිංගිකත්වයන් වෙනුවෙන් දැඩිව “පෙනීසිටින්නේ” එම ලිංගිකත්වයන් දරා සිටින්නන්ට වඩා වැඩි වශයෙන් එසේ නොවන වාමාංශිකයින් සහ ලිබරල්වාදීන්ය. ලංකාවේදී මේ වන විට ලිබරල්වාදීන් තිරය පිසුපස සිට ක්‍රියාත්මක වුවද ඔවුනගේ ඡන්ද පදනම් වලට හානි වේයැයි බියෙන් එළිපිට රඟන්නට නොපැමිණෙන තත්වයක් තිබියදී එම ලිබරල්වාදීන් හට රංග භූමිය විවර කිරීම සඳහා ප්‍රමුඛත්වය ගෙන ඇති විශේෂිත පිරිස වන්නේ පශ්චාත් මාක්ස්වාදීන් සහ සාධාර්මික වෙළඳාම අගය කරනා, නව සදාචාරයක් තුලින් සුපහන්, සැදැහැවත් සමාජයක් ගොඩනැගීම වෙනුවෙන් තම විවේකි කාලය කැප කර, බුද්ධි-දාන පාරමිතාවන් පුරමින්, ඒ තුලින් නිරාමිස සුවයක් විඳිනා බුද්ධි-ධම්පතීන් ප්‍රමුඛ කොටගත් පිරිසකි. ඔවුන් ගෝල්ෆේස් විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරුන් ලෙස ද තම විවේකය කැපකලෝය.

චින්තනට අනුව ආණ්ඩුවක පසුගාමීත්වය තීරණය කරනුයේ එරට ජනතාවයි. ඒ ආණ්ඩුව විසින් නියෝජනය කරනුයේ එරට ජනතාව බැවිනි. ඒ අනුව ජනතා කැමැත්ත අනුව ආණ්ඩුව ක්‍රියා කරනුයේ ආණ්ඩු බලය රැකගැනීම වෙනුවෙන් බව චින්තන පවසයි. එය පිළිගත හැකිය.

චින්තන ධර්මදාස සමග සම්මුඛ සාකච්චාවේ සබැඳියාව:

https://slleader.lk/life-style/7910-2023-06-05-07-49-38?fbclid=IwAR2uZ36MmI3YvFK6qvcn-N6FoQemS00HE-byvtgUItc4sF1WB6EPQJCscjA

චින්තනගේ කියමන් උපුටා දැක්වීම් වලට නොයමින් ඔහු පවසන දේ තුල ඇති සාරය මෙසේ සටහන් කල හැකිය: ලෝකයේ සියලුම සමාජයන් පසුගාමී වන විට ඒ අතර ඉහලින්ම සිටින ස්වීඩනයේ තත්වය පවා ඔහුට අනුව කනගාටුදායකය. සාපේක්ෂ වශයෙන් ඉහලම නිදහස් රාජ්‍යය වන ස්වීඩනයේ පවා ලිංගික ක්‍රීඩා උළෙලක් පැවැත්වීමට නොහැකි වී ඇත. නමුත් ඉදිරියේදී එය අනීවාර්ය ලෙස නීතිගත වී ලිංගිකත්වය ක්‍රීඩාවක් බවට පත්විය යුතුය යන්න අනීවර්යතාවයක් බවත්, දියුණු තත්වය එය බවත් ඔහුගේ අදහස් තුලින් ගම්‍ය වේ. නමුත් එම දියණු තත්වයට මුලින්ම යා හැකි රටක් ලෙස ස්වීඩනය ඔහු විසින් පිළිගන්නේ මේ වන විට එවැනි නිදහස්කමීත්වයන් සඳහා ලොව පවතින ඉහළතම තෝතැන්න එය බැවිනි. නමුත් ඔහු අවධාරණය කරනුයේ ක්‍රීඩා උළෙල පැවැත්වීමට උත්සාහ දැරීම මුට්ටිය දමා බැලීමක් බවත්, ඉදිරියේදී මේ නිදහස දිනාගත හැකිවන්නේ සාම්ප්‍රදායිකත්වයට එරෙහි අරගලය තුලින් බවත්ය.

මේ වනවිට අරගලය ක්‍රියාත්මකය. ස්වීඩන් ආණ්ඩුව ඊට එරෙහි වුව ද සංවිධායකයින් විසින් එය හෙළි නොකළ ස්ථානයකදී පැවැත්වීමට තීරණය කොට ඇත. චින්තනට අනුව එසේ එය සංවිධානය කරන්නන් සමාජ ප්‍රගතිශීලීත්වය වෙනුවෙන් අරගල කරනා උතුම් විප්ලවවාදීන් ලෙස හැඳින්විය හැකිය. එසේම විපරීතභාවය අභිනන්දනය කරනා වාමාංශිකයින් හට ද එම ස්තාවරයම ගත හැකිය.

“Porn stars and OnlyFans models will today begin competing in a tournament that’s been dubbed the ‘European Sex Championships’. A reported 20 representatives of a dozen or so nations will take part in the event at an undisclosed location in Gothenburg, Sweden. Despite initial reports that Scandinavian authorities had recognised the event as an official sport, they have since clarified this isn’t the case, and that an application to do so was rejected.”

චින්තන එසේ ප්‍රකාශ කරන විට සමාජයේ ආරෝහණ දිශානතිය ඔහු දන්නා අතර අනීවාර්යයෙන්ම උදාවිය යුතු තත්වය ද ඔහු දනී. ඒ අනුව එසේම එම ගමන් මගේ අනුකල සංගුණකයන් සලකුණු කිරීමට ද ඔහුට හැකිය (ස්වීඩනයේ ලිංගික ක්‍රීඩා උළෙල පැවැත්විය හැක්කේ තව වසර 50කින් බවත් ලංකාවේ නම් වසර 100කින් බවත් පැවසීඊට උදාහරණයි). ඒ අනුව මේ සමාජ සංවර්ධනයට නිතැතින්ම බාධා පමුණුවන්නේ සාම්ප්‍රදයිකත්වය සහ ආගමයි. එවිට සාම්ප්‍රදායිකත්වයට සහ ආගමට එරෙහිව ක්‍රියාකොට අනීවාර්ය නිදහස් සමාජ සංවර්ධනයට අදාළ මාවත විවර කොට ගත හැක්කේ විද්‍යාව සහ නීතිය මගිනි (තර්ක බුද්ධිය).   

චින්තන යනු ‘ඩාවින්වාදය’ සහ ‘ස්වභාවික වරණය’ පිළිගන්න අයෙකු බව ඔහු විසින් ප්‍රකාශකොට ඇත. නමුත් එසේ නොපිළිගන්නා අය විසින් ද වත්මන් සමාජය පසුගාමී බව පිළිගනී (පශ්චාත් මාක්ස්වාදීන් ඇතුළු වම්මුන්). පසුගාමී සහ ඉදිරිගාමී යන සහසම්බන්ධ ප්‍රතිපක්ෂයන් තුල අදහස් ප්‍රකාශ වන විට සහ ඉදිරිගාමීත්වය භාරගන්නා විට ඔවුනට අවිඥානික වන්නේ පරිනාමවාදයයි. දැන් පශ්චාත් මාක්ස්වාදියෙකු හට ඊට එරෙහිව ප්‍රකාශ කල හැක්කේ ඔවුන් සටන් කරනුයේ පීඩනයට එරෙහිව බවත්, ඒ සටන තුලින් දයලෙක්තිකව නිදහස සාක්ෂාත් වන බවත්ය. නමුත් එවිට ද ප්‍රශ්නය ඉතිරි වේ. එනම්, ඔවුන් ගොඩනැංවීමක් වෙනුවෙන් පෙනී සිටීම තුල ඔවුන් ගොඩනැංවිය යුතු ඉදිරි නිදහස් අංගෝපාංග ගැන දැන සිටීමයි.

ඒ කෙසේ වෙතත් චින්තන මෙහිදී වැදගත්ම කාරණය ඉස්මතුකොට ඇත. ඒ ලිංගිකත්වය ක්‍රීඩාවක් ලෙස ස්ථාපිත වීම යනු විශාල නව වෙළඳපොළක් නිර්මාණය වීම බවත්, මෙය පිටුපස ඇති සටන එය බවත් ප්‍රකාශ කිරීමයි.

පහතින් දක්වා ඇත්තේ ස්ලවෝය් ශිෂැක්ගේ “The Sexual Is Political” ලිපියේ පළමු ඡේද දෙකයි. 

වෙන් කරන ලද වැසිකිලි දොරවල් අද විශාල නීතිමය හා මතවාදී අරගලයක කේන්ද්‍රස්ථානය වී ඇත. 2016 මාර්තු 29 දින, ෆේස්බුක් ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් සහ ඇපල් ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක්, ප්‍රධාන වශයෙන්ම සිලිකන් නිම්නයේ ව්‍යාපාරික විධායකයින් 80 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් උතුරු කැරොලිනා ආණ්ඩුකාර පැට් මැක්‍රොරි වෙත ලිපියක් අත්සන් කරන ලදී. සංක්‍රාන්ති ලිංගිකයන් හට පොදු පහසුකම් භාවිතා කිරීම තහනම් කරන නීතියක් පැවතීම ඔවුන් විසින් හෙළා දකී. “මෙම වෙනස් කොට සැලකීමේ නීතිය නීතිගත කිරීම සඳහා අත්සන් කිරීමට ඔබ ගත් තීරණය ගැන අපි කලකිරෙනවා,” යනුවෙන් ලිපියේ සඳහන් වේ. ව්‍යාපාරික ප්‍රජාව විසින් විශාල වශයෙන් සෑම තරාතිරමකම නීති සම්පාදකයින්ට නිරන්තරයෙන් සන්නිවේදනය කර ඇත්තේ එවැනි නීති අපගේ සේවකයින්ට නරක බවත්, ව්‍යාපාර සඳහා නරක බවත්ය. එබැවින් මහා ප්‍රාග්ධනය ස්ථානගතවන්නේ කොතැනද යන්න පැහැදිලිය. ටිම් කුක්ට චීනයේ සිය දහස් ගණනක් ෆොක්ස්කොන් කම්කරුවන් වහල් තත්වයන් තුළ ඇපල් නිෂ්පාදන එකලස් කිරීම ගැන පහසුවෙන් අමතක කළ හැකිය. ඔහු ලිංග භේදය අහෝසි කරන ලෙස ඉල්ලා, වරප්‍රසාද නොලත් අය සමඟ ඔහුගේ සහයෝගීතාවයේ මහා ඉරියව්වක් නිර්මාණය කළේය. බොහෝ විට සිදු වන පරිදි, මහා ව්‍යාපාරිකයන් දේශපාලනිකව නිවැරදි න්‍යාය (politically correct theory) සමඟ ආඩම්බරයෙන් එක්සත් වී සිටිති.

එසේ නම් “සංක්‍රාන්ති ලිංගිකත්වය” යනු කුමක්ද? පුද්ගලයෙකු ඔහුගේ/ඇයගේ ජීව විද්‍යාත්මක ලිංගිකත්වය (සහ අනුරූප ලිංගය, පිරිමි හෝ ගැහැණු, උපතේදී සමාජය විසින් ඔහුට/ඇයට පවරා ඇති) සහ ඔහුගේ/ඇයගේ ආත්මීය අනන්‍යතාවය අතර අසංගතය අත්විඳින විට එය සිදුවේ. එබැවින්, එය “කාන්තාවන් මෙන් හැඟෙන සහ ක්‍රියා කරන පිරිමින්” පමණක් නොව, අනෙක් අතට පුරුෂභාවය සහ ස්ත්රීභාවය යන සහසම්බන්ධ ප්‍රතිපක්ෂයෙන් බැහැර වන අතිරේක “ලිංග විකාරභාවයේ” ස්ථාන වල සංකීර්ණ ව්‍යුහයකි: bigender, trigender, pangender, genderfluid, up to agender. සංක්‍රාන්ති ලිංගිකත්වය පවත්වා ගෙන යන සමාජ සම්බන්ධතා පිළිබඳ දැක්ම ඊනියා පශ්චාත් ලිංගවාදයයි. එනම් එය ජීව තාක්‍ෂණයේ සහ ප්‍රජනක තාක්‍ෂණයේ මෑත කාලීන විද්‍යාත්මක ප්‍රගතිය මගින් කළ හැකි වූ, ස්වේච්ඡාවෙන් ස්ත්‍රී පුරුෂ භාවය අහෝසි කිරීම සඳහා අනුගාමිකයින් පෙනී සිටින සමාජ, දේශපාලන සහ සංස්කෘතික ව්‍යාපාරයකි. ඔවුන්ගේ යෝජනාව විද්‍යාත්මක ශක්‍යතාවය ගැන පමණක් නොව සදාචාරාත්මකව පදනම් වීම ගැන ද සැලකිලිමත් වේ. පශ්චාත් ස්ත්‍රී පුරුෂ වාදයේ සාධ්‍යය වන්නේ ස්ථාවර ලිංග භූමිකාවන්ගේ (ස්ත්‍රී-පුරුෂ) සමාජ, චිත්තවේගීය සහ ඥාණාත්මක ප්‍රතිවිපාක පූර්ණ මානව විමුක්තියට බාධාවක් බවයි. ලිංගිකත්වය හරහා සිදුවන ප්‍රජනනය ඉවත් කරන ලද සමාජයක් (හෝ වෙනත් අනුවාදයන් කළ හැකි බවට පත්වනු ඇත: කාන්තාවකට තම දරුවා “පියා” කිරීමට හැකිවීම යනාදිය) නිදහස පිළිබඳව, සමාජීය හා චිත්තවේගීයමය අත්හදා බැලීම්වල නොඇසූ විරූ නව හැකියාවන් විවෘත කරනු ඇත. එය සියලු පසුකාලීන සමාජ ධුරාවලියන් සහ සූරාකෑම් පවත්වා ගෙන යන තීරණාත්මක වෙනස ඉවත් කරනු ඇත”

සම්පූර්ණ ලිපිය: https://thephilosophicalsalon.com/the-sexual-is-political/

වැඩි විස්තර රහිතවම ප්‍රකාශ කල හැක්කේ ලිංගිකත්වයේ මෙම නව විපරීතභාවයන් විකාශය වීමට නියමිතව ඇත්තේ ප්‍රාග්ධන තර්කනය තුලින් බවයි. එම තත්වය තුලින් නව විශාල නිෂ්පාදන සහ විශාල වෙළඳපොළක් නිර්මාණය වනු ඇත. එය භාණ්ඩ සහ සේවා ක්ෂේස්ත්‍ර සියල්ල ආවරණය කරනු ඇති අතර ඊට අනුලෝමව සෞඛ්‍ය ක්ෂේස්ත්‍රය ද පුළුල් කිරීමට සිදු වනු ඇත.

 

පහතින් දක්වා ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මාධ්‍ය අධ්‍යක්ෂවරයෙකු සහ වර්තමාන UNPයේ ප්‍රභල චරිතයක් බවට පත්ව ඇති වරුණ රාජපක්ෂගේ ප්‍රකාශයකි.

“මේ වෙලාවෙ ආන්ඩුවට තියන ලොකුම අභියෝගෙ ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකිරීම, ඒකට විශාලම මතවාදී සහාය ලබාදෙන්නෙ රැඩිකල් දක්ෂිණාංශිකයන්, එයාලගෙ පන්සිල් පද වගේ දේවල්

භාෂණයේ නිදහස

ජාතික ප්‍රශ්නය

Lgbt ප්‍රශ්නය…”

වරුණගේ ප්‍රකාශය අනුව පැහැදිලි වන්නේ LGBTIQ+ ව්‍යාපෘතිය සාක්ශාත්කොට ගැනීම සඳහා UNPයේ ඇති දැඩි උවමනාවයි. ඒ අනුව එම අරගලය තුලින් වාමාංශිකයින් සහාය ලබා දෙන්නේ UNP මාවතටයි. ඒ පිළිබඳව ඊට වඩා යමක් පැවසිය යුතු නැත. ‘දේශපාලනිකව නිවැරදි වීම’ සැමවිටම ‘ධනවාදී කතිකාව’ සංස්ථාපනය කිරීම සහ ආරක්ෂා කිරීම වෙනුවෙන් මගපාදයි.

“capitalism is not perversion, but it demands perversion from its subjects. In other words, capitalism demands that subjects enjoy exploitation and thereby abandon their position as subjects.” Lacan

කෙසේ වෙතත් පශ්චාත් මාක්ස්වාදී සහ අනෙකුත් X කණ්ඩායමේ සිට අද වෙන් වෙන් වශයෙන් කටයුතු කරමින් මෙවැනි අරගල වලදී එකතු වන මෙම අපතයින් තම ස්ථාවරය ප්‍රකාශ කිරීම සඳහා ලකානියානු මනොවිශ්ලේෂණය යොදා ගනී.

එය කෙතරම් උත්ප්‍රාසජනක ද? 

ලකාන් ජීවත්ව සිටි සමයේ ලිංගිකත්වය මෙතරම් සංකීර්ණ ලෙස විපරීතභාවයට පත්ව නොතිබුණි. ඒ අනුව ලිංගිකත්වයේ විපරීතභාවය පිළිබඳව ඔහුගේ මූලික අවධානය යොමු වන්නේ මූලික වශයෙන්ම සමලිංගිකත්වය කෙරෙහිය.

සමලිංගිකත්වය පිළිබඳව ලකානියානු ස්ථාවරය ෆ්‍රොයිඩ්ගේ ස්ථාවරයෙන් වෙනස් වේ. ලැකාන්ගේ දැක්මට අනුව සමලිංගිකත්වය යනු කිසිසේත්ම ලිංගික දිශානතියක් නොවේ. ග්‍රීක සමලිංගිකත්වය කෙරෙහි වූ ඔහුගේ ආකර්ෂණය විසින් ඔහුව රැගෙන යන්නේ, එක් අතකින් ග්‍රීක සමාජය තුල විකෘති චරිතය ඉහළම බුද්ධියේ ප්‍රතිමූර්තිය ලෙස (එය අපකීර්තියට පත් වුවද) සහ අනෙක් අතින්, ආදරයේ සියලු ආකාරයන්, ඇත්තෙන්ම ආශාව, විකෘති (perverse) දෙයක් ලෙස සැලකීමටය.

ලැකාන් විසින් නියුරෝසික සායනික හැසිරවීම “මනෝවියාධිකරණය” කළා සේම, ඔහු ආදරයේ සියලු ප්‍රකාශනයන් තුළ විපරීතභාවයක් දැකීමට නැඹුරු විය. සමලිංගිකත්වය විපරීතභාවයක් මිස ලිංගික දිශානතියක් (sexual orientation) නොවන බව ලකාන් පවසන්නේ මෙම සන්දර්භය තුළය. ලැකාන් විසින් සමලිංගිකත්වය ප්‍රවර්ගයට නැවත ඇතුළත් කළ ආකාරය තේරුම් ගැනීමට නම්, යමෙකු මෙම ලිංගික විපරීතභාවයන් පිළිබඳව නොව, නමුත් විපරීත ව්‍යුහයන් පිළිබඳව මෙම යටින් පවතින පදනම සැලකිල්ලට ගත යුතුය.

සමලිංගිකත්වය පිළිබඳව ෆ්‍රොයිඩ්ගේ ස්ථාවරය වෙතින් විතැන් වූ ලකාන්ගේ ස්ථාවරය ෆූකෝගේ ඉදිරිපත් කිරීම් සමග සමාන ලෙස පෙනුන නමුත් ලැකාන් සහ ෆූකෝ අතර මූලික වෙනසක් ඇත. එනම්, විපරීතභාවය පිළිබඳව ලකාන්ගේ ස්ථාවරය නිර්මිත වන්නේ පුද්ගලිකත්වයේ විශ්වීය ව්‍යුහයක් ලෙස වන විට එහිදී සමලිංගිකත්වය ශුද්ධ ප්‍රතිමූර්තිය වන අතර ෆූකෝ කිසියම් ව්‍යුහයකට හෝ කාණ්ඩයකට ගැලපීම ගැන කරදර නොවී විකෘති ලිංගිකත්වයේ සංයුක්ත භාවිතයන් අධ්‍යයනය කිරීමට කැමති විය. ලැකාන්ට, සමලිංගිකයා ශිෂ්ටාචාරයේ උත්තරීතර විකෘතියට උදාහරණයක් වන අතර, ෆූකෝට සමලිංගිකයා යනු කඩාකප්පල්කාරී හෝ නව නිර්මානාත්මක භාවිතාවකින්, සම්මත කතිකාවත ඔහුට එල්ල කර ඇති නින්දිත ලේබලයෙන් ගැලවිය යුතු චරිතයකි.

ලැකාන්ගේ තත්ත්වය රැඩිකල් ලෙස වෙනස් වන්නේ කෙසේදැයි කෙනෙකුට මින් වටහාගත හැකිය. ලැකාන් සමලිංගිකත්වය (ගැහැණු සහ පිරිමි යන දෙකම) විපරීතභාවයට සම්බන්ධ කරයි, නමුත් ඕනෑම ආකාරයක වෙනස් කොට සැලකීමේ ආකල්පය ප්‍රතික්ෂේප කරයි. ඒ අනුව ඔහුගේ සංවාදයේ දී, සමලිංගිකත්වය විකෘතියක් ලෙස පිළිගැනීම නොඉවසීමකට හෝ වෙන්වීමට හේතු නොවේ. එම හේතු නිසාම ලකාන් විසින් සමලිංගික භීතිකයින් (homophobes) ද හෙළා දැක නැත. එනම්, සමලිංගියින් හෙලා නොදකිනවා සේම සමලිංගික භීතිකයින් ද හෙලා දැක නැත.

ලැකාන් සමලිංගිකත්වය විකෘතියක් ලෙස සැලකූ නිසා, සමලිංගිකයන් “සුව කළ නොහැකි” බව ඔහු විශ්වාස කළේය. ඔහු හිස්ටීරියාව සහ ලිංගික එදිරිවාදිකම් අසල තබන කාන්තා සමලිංගිකත්වය පිරිමි සමලිංගිකත්වයෙන් වෙන්කර හඳුනා ගනී, එහිදී ඔහු සමාජ බැඳීමේ පදනම සොයා ගනී. ලකාන් විසින් ප්‍රකාශ කරන්නේ යමෙකු සමලිංගිකයෙකු ලෙස ඔහුගේ ස්ථාවරය අගය කරන්නේ නම්, ඒ ඔහුට පියා වෙනුවට පියාගේ ස්ථානයෙන් මව නීතිය පනවන නිසා හෝ ඇය පියා සඳහා “නීතිය සකසන” නිසා බවයි.

කෙටියෙන් කිවහොත්, ලකාන් විසින් විපරීතභාවය ලිංගිකත්වයේ යම් ආකාරයක මූලාකෘතියක් (prototype) බවට පත් කරයි. 1953 තරම් ඈත කාලයේ ලැකාන් සමලිංගික ප්‍රේමය ආදරයේ මූලාකෘතිය ලෙස සැලකීය. නමුත් පසුව එම පිළිගැනීම වෙනස් වී, ඔහුගේ දැක්ම අනුව සමලිංගික ආදරය විපරීතභාවයක් බැවින්, ඔහුට අනුව, එහිදී අවශ්‍යයෙන්ම, පොදුවේ ආදරයේ විකෘති නැඹුරුවක් තිබිය යුතු අතර එය ඔහු ප්‍රකාශ කළේ අමතක නොවන ආප්තයකිනි:

“ආදරය යනු කෙනෙකු (තමන්) සතුව නොමැති යම් දෙයක් එය අවශ්‍ය නොකරන කෙනෙකුට දීමට සිදු වී තිබීමයි.” (ඒ පිළිබඳව මීට පෙර ලියා ඇති ලිපියේ සබැඳියාව:

“ආදරයේ අරගලය”

ඊටත් වඩා, ලැකාන් විසින් සන්ලක්ෂණය කරනා ආකාරයට සමලිංගිකත්වය, නමුත් එයට සීමා නොවන, “විකෘති ආශාව” පදනම් වී ඇත්තේ “අනෙකා සඳහා වන ආශාවේ අවසන් කළ නොහැකි අයිතිකරගනීමක් මත පමණි.” ලකාන්ට අනුව විකෘති ආශාව සමලිංගිකත්වය මෙන්ම විෂම ලිංගිකත්වය ද සන්ලක්ෂණය කරයි. එනම්, ඔහුට අනුව විෂම ලිංගිකත්වය තුල චරිතය ගැහැණු වීම වැදගත් නොවන අතර සම්බන්ධතාවයේ ව්‍යුහය විශිෂ්ට ලෙස සමලිංගික වේ.

ග්‍රීක ‘Symposion’ පිළිබඳ ලැකාන්ගේ අදහස් වැදගත් වන්නේ මෙම සන්දර්භය තුළය. ඔහු ග්‍රීසියේ සමලිංගිකත්වයේ භූමිකාව මධ්‍යතන යුගයේ සමාජයේ ‘ආචාරශීලී ආදරය’ (Courtly love) විසින් ඉටු කරන ලද භූමිකාව සමග සංසන්දනය කරයි. නියුරෝසික ව්‍යසනයෙන් නිරන්තරයෙන් තර්ජනයට ලක් වූ සමාජයක් තුළ ස්වාමියාගේ පරමාදර්ශය සදාකාලික කිරීමට හැකි වූ උත්කෘෂ්ට කෘත්‍යයක් බොහෝ දුරට ඒ දෙක සතුව තිබුණ බව ලකාන්ගේ අදහසයි. මධ්‍යතන යුගයේ ‘ආචාරශීලී ආදරය’ යන්න ග්‍රීසියේ සමලිංගික ආදරය මගින් ස්වාමියාට ආරෝපණය කරන ලද ස්ථානයට සමාන ස්ථානයක් තුල කාන්තාව ස්ථානගත කළේය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ආදරයේ ආකාර දෙකක් තුල ඉදිරිපත්වන තැන උත්කර්ශණය සහ භෞතිකමය ලිංගිකත්වය එකට පැමිණෙන්නේ විකෘති ආශාව කලාවට, නිර්මාණයට සහ සමාජ බැඳීමේ නව ආකාර නිර්මාණය කරගැනීමට බෙහෙවින් හිතකර වීම ලෙස හඳුනා ගනිමිනි. 

ලකාන්ගේ මෙම ස්ථාවරය හේතුවෙන් ඔහු වෙත දමා ගැසූ චෝදනාව වූයේ ලකාන් යනු සමලිංගික භීතිකයෙකුය (homophobic) යන්නයි. ලකාන් විසින් ඔහු සමලිංගික ආදරය විකෘතියක් ලෙස සලකන විටවත් විකෘති ආශාව උත්කෘෂ්ට ප්‍රේමයේ පරම සාරය ලෙස සලකන විටවත් ඔහු සමලිංගික භීතිකයෙකු වන්නේ නැත. ඔහුගේ කථාවේදී, “විකෘති” යන යෙදුම පහත්, අවමානාත්මක හෝ නින්දිත ලෙස සලකන, ආත්මගෞරවයට හානි කරන ආකාරයෙන් භාවිතා නොවේ. ෆ්‍රොයිඩ් මෙන්ම ලැකාන් ද මෙම වචනය භාවිතා කරන්නේ එහි ඇති අපහාසාත්මක අන්තර්ගතයෙන් එය ඉවත් කරමිනි. ෆ්‍රොයිඩ්ට වඩා ලැකාන් විකෘතියට නිශ්චිත ස්ථාවරයක් ලබා දී ඇත. ෆ්‍රොයිඩියානු මූලධර්මය ආරක්ෂා කරන්නෙකු වීමට වඩා ලකාන්ට අවශ්‍ය වූයේ මනුෂ්‍ය තෘෂ්ණාවේ ඕනෑම ගති ලක්ෂණයක විකෘතිය හිස් කිරීමට අවශ්‍ය වීමයි. ඒ හැර ලැකාන් සමලිංගික භීතිකාවෙන් පෙළුන අයෙකු ලෙස දැකිය නොහැකිය. සමලිංගිකත්වය පිළිබඳ ඔහුගේ දෘෂ්ටිය වන්නේ සමලිංගිකයා යනු ශිෂ්ටාචාරයේ උත්රුෂ්ට සහ කාලකන්නි චරිතයක්, එනම් විකෘතිකයෙක්ය යන්නයි. නිදසුනක් වශයෙන්, ලැකාන් මනෝවිශ්ලේෂණාත්මක ආයතන සමඟ ඔහුගේ භාවිතයේදී සහ ගනුදෙනු කිරීමේදී, සංයුක්ත ආකාරයකින් විමුක්තිදායකයෙකු මෙන්ම ප්‍රගතියක් ඇති මිනිසෙකි. සමලිංගිකයින්ට මනෝ විශ්ලේෂකයින් වීමට මුලින්ම ඉඩ ලබාදුන්නේ ඔහුයි.

වඩාත්ම බුර්ෂුවා ආකෘති අනුකරණය කිරීමේ ලක්ෂ්‍යය වෙතට සහ එබැවින් පවුල් සබඳතාවල වඩාත්ම නියුරෝසික ව්‍යුහයන් වෙතට සමලිංගිකයින් හට “සාමාන්‍ය” වීමට අවශ්‍ය විය හැකිය යන අදහස ඇත්ත වශයෙන්ම ලකාන් විසින් බැහැර කරයි. නමුත් අපකීර්තිමත් හා උතුම් චරිතයක් ලෙස, ඒ දෙකටම, බටහිර සමාජයේ සමලිංගික චරිතය විසින් දරන භූමිකාවට ගෞරව කිරීමේ ගුණාංගය පැවතුනි. අද සමලිංගිකයන්ට තවදුරටත් එම භූමිකාව අවශ්‍ය නොවී ඇති අතර ඒ වෙනුවට ඔවුනට හිංසා පීඩා කිරීම ආරම්භයේ සිටම කිසිදා නොනැවතූ සම්ප්‍රදාය අනුකරණය කිරීමට ඔවුන් පටන්ගෙන ඇත. එහෙත් වත්මන් තත්ත්වය යටතේ ලකානියානු ස්ථාවරය විසින් කිසි විටෙකත් සමලිංගික භීතිකාව පිළිබඳව කතිකාවත පිළිගනු නොලැබේ. අද ලකාන් ජීවත්ව සිටියේ නම් සමලිංගිකයන් අතර ප්‍රකාශ වන සාමාන්‍යකරණයට ඇති ආශාව ගැන ඔහු පුදුමයට පත් වනු ඇත. සමලිංගිකන් ලෙස ඔවුන් අද ඉල්ලා සිටින්නේ ව්‍යවස්ථාමය රාමුව තුලට ඔවුන් ඇතුලත් කොට ගන්න ලෙසය. වාමාංශිකන් ඇතුළු පිරිස් සටන්කරනුයේ ඒ වෙනුවෙනි. එසේම ඔවුන්ගේ විවාහ නීතිගත කරන ලෙස ද ඉල්ලා සිටියි. ඒ තුලින් ඔවුන් ගමන්කරමින් සිටිනුයේ ධනේශ්වර දේපළ සම්බන්ධතා වෙතටය. යමෙකු සමලිංගිකයෙකු ලෙස ඔහුගේ ස්ථාවරය අගය කරන්නේ නම්, ඔහු විසින් විපරීත ව්‍යුහය භාරගැනීම සිදු කරයි. එනම් ඔහුගේ විපරීතභාවය ඔහු විසින්ම පිළිගන්නා අතර එයට නෛතිකභාවයක් ඉල්ලා සිටීම තුලින් සිදු කරනුයේ විපරීත ව්‍යුහය වඩාත් හොඳින් තහවරු කිරීමයි. මෙය සමලිංගිකන් වෙතින් සිදු වනු ඇතැයි ලකාන් කිසිසේත්ම සිතුවේ නැත. කෙසේ වෙතත් සමලිංගිකයින් ඇතුළු සියලු අධ්‍යතන විපරීතභාවයන් සහ ඉදිරියේදීත් තව තවත් විපරීතභාවයට පත් වීම අගය කරමින් ඒ ඓතිවාසිකම් වෙනුවෙන් ද පෙනීසිටිය යුතු බව පශ්චාත් මාක්ස්වාදීන්ගේ සහ වාමාංශිකන්ගේ අදහස වී ඇත.  

LGBTIQ+ නීතිගත කරන ලෙස ඉල්ලා සිටීමට සිදුවන්නේම එම තත්වයන් සංකේත නීතිය තුල නොපැවතීම නිසාය. යමක් නීතිගත කරන ලෙස ඉල්ලා සිටීමට සිදු වන්නේ එය සංකේත නීතිය තුල අඩංගු නොවන බැවිනි. දැන් කෙනෙකුට පැවසිය හැක්කේ විෂම ලිංගිකත්වය නීති ගතව ඇති බවය. එය එසේ පෙනුන ද විෂම ලිංගිකත්වය නීතිගතව නොමැත. විෂම ලිංගිකත්වය නීතිගත කිරීමේ අවශ්‍යතාවයක් පැමිණියේ නැත. නීතිගතව පවතින්නේ විවාහයට අදාළ දේපොළ සම්බන්ධතා මිස විෂම ලිංගිකත්වය නොවේ (අද දවසේ විෂම ලිංගිකත්වය නොවන අනෙකුත් ලිංගිකත්වයන්ගේ ඉල්ලීම වන්නේ ද එම ලිංගිකත්වයන් ද විෂම ලිංගිකත්වයට අදාළ දේපොළ සබඳතා තුල ස්ථාපිත කරන ලෙසය). උදාහරණයකට ලංකාව ගතහොත් නීතිගත කෙරුමට පෙර විෂම ලිංගික විවාහ සහ ලිංගික සම්බන්ධ කම් වලට අදාළව සංකේත නීතිය ක්‍රියාත්මක විය. ඉංග්‍රීසි පාලකයින් කෙතරම් උත්සාහ දැරුවද බහුතර සාමාන්‍ය ජනතාව විවාහ ලියාපදිංචි කිරීම සඳහා ඉදිරිපත් නොවුනි. ධනවාදයේ ඉදිරි වර්ධනය සඳහා මේවා බාදාවක් බැවින් ජේ.ආර්. ජයවර්ධන විසින් 1979 වසරේ සංකේතාත්මකව මහා විවාහ මංගල උත්සවයක් පවත්වා, උප දිසාපති කොට්ටාශ මට්ටමින් ද විවාහ මංගල උත්සව සංවිධානය කොට එතෙක් විවාහ ලියාපදිංචි කොට නොතිබූ ජෝඩු ලියාපදිංචි කිරීම සඳහා කටයුතු කරන ලදී.

LGBTIQ+ වෙනුවෙන් පෙනී සිටිනා X කණ්ඩායමේ උරුමක්කරුවන් තම ස්ථාවරය වෙනුවෙන් යොදාගන්නේ ලකානියානු මනොවිශ්ලේෂණයයි. එය කෙතරම් විහිළුවක් ද යන්න පෙන්වීම සඳහා සමලිංගිකත්වය පිළිබඳව ලකානියානු ස්ථාවරය සැකවින් මෙසේ ලියා තැබිය යුතු වේ.

විපරීතභාවය යන්න ෆ්‍රොයිඩ්ට අනුව මෙසේය. එනම්, ඕනෑම ආකාරයක ලිංගික චර්යාවක් අපගමනය වන්නේ විෂම ලිංගික ප්‍රජනක සංසර්ගහි ධර්මතාවන් වෙතින් බවය. එනමුත් ෆ්‍රොයිඩ්ගේ මෙම පැහැදිලි කිරීම ඔහුගේම අදහසක් වන ” ඕනෑම ස්වභාවික පිළිවෙලක අප්‍රාප්තිය විසින් ලක්ෂනාත්මක වී ඇති, සියලු මිනිස් ලිංගිකත්වයන්ගේ බහුරූපී විපරීතභාවය” යන අදහස සමග ගටලුකාරීත්වයක් මතු කරයි. මෙම අවුල විසඳා ලන්නේ ලැකාන්ය. ඒ විපරීතභාවය යනු චර්යාවේ ආකෘතියක් ලෙස නොවනමුත් එය ශායනික ව්‍යුහයක් ලෙස සැලකීමෙනි. ලකාන් මෙසේ පවසයි: “විපරීතභාවය යනු සරල අර්ථයෙන් සමාජ මිනුම් දඬු වලට ඇති සම්බන්ධය තුල “නොමග යෑමක්” හෝ හොඳ සදාචාරයන්ට එරෙහිව නොමග යෑමක් යන්න නොවේ. එසේ නමුත් මෙම තහවුරුවීම අප්‍රාප්තික නොවනවා සේම එය ස්වභාවික මිනුම් දඬු වලට අනුවද අනාකෘතිකයක් නොවන්නේ කෙසේද යත් එය මගහැරීම සිදුවනුයේ විෂම ලිංගික සම්භෝගයේ ප්‍රජනනක නිෂ්ඨාව වෙතිනි. එහි දැඩි ව්‍යුහය තුල විෂම ලිංගික සම්භෝගය යන්න “මොකක් නමුත් දෙයකි”. විපරීත ක්‍රියාවන් සහ විපරීත ව්‍යුහය අතර වෙනස විසින් අඟවා සිටින්නේ සමහර ලිංගික ක්‍රියාවන් ඉතා ආසන්න ලෙස විපරීත ව්‍යුහයන් සමග සම්බන්ධිතය යන්නය. එසේම විපරීත නොවූ ආත්මයන්ද එවැනි ක්‍රියා කාරකම් වල නිමග්න වී සිටිය හැකිය. එසේම ඊට සමානව විපරීත ආත්මයක් කෙසේවත් එවැනි ක්‍රියාකාරකමක නිමග්න නොවිය හැකිය. එසේම එය හඟවා සිටින්නේ, සර්ව සාධාරණවාදී ස්ථානයක් වන්නේ, සමාජ විරෝධය සහ ‘හොඳ සදාචාරයන්ගේ’ උල්ලංඝනය යන්න විසින් නිශ්චය කරනවා විය හැක්කේ, සුවිශේෂී ක්‍රියාකාරකමක් විපරීතද නැද්ද යන්න අතරතුර මෙය විපරීත ව්‍යුහයේ සාරය නොවන්නේය යන්නයි. විපරීත ව්‍යුහයක් සමග සම්බන්ධිත ක්‍රියාකාරකම් සමාජීයව අවසර දෙන ලද ඒවා වුවද විපරීත ව්‍යුහයක් විසින් දිගටම විපරීතත්වය රඳවාගනී. එබැවින් ලකාන් විසින් සමලිංගිකත්වය සලකනුයේ විපරීතභාවයක් ලෙසය (පෞරාණික ග්‍රීසියේ සමලිංගිකත්වය ක්‍රියාත්මක වූ අවධියේ පවා, එහිදී එය පුළුල් ලෙස ඉවසන තත්වයක් තිබුනා වුවද ලකාන් විසින් එය විපරීතභාවයක් ලෙස සලකන ලදී ). මෙය මෙසේ සමලිංගිකත්වයම වීම හේතුවෙන් හෝ ලිංගිකත්වයේ වෙනත් ආකෘතියක් වීම හේතුවෙන්ම වන විපරීතභාවයක් නොවේ. එය එසේ නැතුවා පමණක් නොව, අනෙක් අතට සමලිංගිකත්වයේ විපරීත ස්වභාවය යනු සම්පූර්ණයෙන්ම ඊඩිපස් සංකීරණයේ ප්‍රතිමානික අවශ්‍යතාවයන් උල්ලන්ඝනය වීම පිළිබඳව ප්‍රශ්නයයකි. මෙසේ ලකාන් විසින් ෆ්‍රොයිඩ්ව විවේචනය කරනුයේ සමහර විට ෆ්‍රොයිඩ් හට ඊඩිපල් පුරානොක්තිය යනු ප්‍රතිමානයන්ගේ ප්‍රශ්නයක් වීම සහ ස්වභාවයේ (nature) ප්‍රශ්නයක් නොවී තිබීම තුල විෂම ලිංගිකත්වයේ වැදගත්කම අමතක වී යාම නිසාවෙනි.

නිව්රෝසියාව ලක්ෂනාත්මක වන්නේ ප්‍රශ්නයක් මගින් වන අතර විපරීතභාවය ලක්ෂනාත්මක වන්නේ ප්‍රශ්නයක් නොමැති කම මගිනි. එනම් විපරීතයා ඔහුගේ ක්‍රියාකාරකම් විසින් අනෙකාගේ විනෝදය වෙත මෙහෙවර කාරනාවය යන්න පිළිබඳව සැක නොහිතයි. මෙසේ විපරීත ආත්මයක් විශ්ලේෂණයක් ඉල්ලා සිටින්නට වීම අතිශයම කලාතුරකින් සිදුවන්ක් සහ ඉතා කලාතුරකින් සිද්ධීන් වලදී එම කෙනා එසේ කරනා විට එම පුද්ගලයා එසේ කරනුයේ එම කෙනාට ඔහුගේ විනෝදයේ ප්‍රකාරය වෙනස් කර ගැනීමට ඇති උවමනාව නිසා නොවේ. විපරීත ආත්මයන් හට මනොවිශ්ලේෂනාත්මක ප්‍රතිකාර නොගැලපෙන්නේ මේ නිසා බව බොහෝ මනොවිශ්ලේෂකයින් තර්ක කොට සිටි. සමහර මනොවිශ්ලේෂකයින් විපරීත නිශ්චිතත්වය සයිකොටිකතත්වය සමග සසඳමින් එවන් උත්සාහයන් දරා ඇතත් බොහෝ ලකානියානු මනොවිශ්ලේෂකයින් එසේ නොකරන්නේ ලකාන්ගේම ආස්ථානයේ සිට බලන කල එය සම්පූර්ණයෙන්ම පල රහිත බැවිනි.

ලැකාන් විසින් විකෘති ව්‍යුහය ගුණාංගීකරණය කරන ප්‍රධාන ආකාර දෙකක් ඇත. ඒ ෆැලසයට (phallus) අදාලව සහ ධාවකයට (drive) අදාලවය. විපරීතභාවය අනෙකුත් සායනික ව්‍යුහයන්ගෙන් වෙන්කර හඳුනාගනු ලබන්නේ ප්‍රතික්ෂේප කිරීමේ ක්‍රියාකාරිත්වය මගිනි. විපරීතයා කප්පාදුව (castration) ප්‍රතික්ෂේප කරයි. මවට ෆැලසය නොමැති බව ඔහු වටහා ගන්නා අතර ඒ සමඟම මෙම කම්පන සහගත සංජානනයේ යථාර්ථය පිළිගැනීම ප්‍රතික්ෂේප කරයි. මෙය අර්චනවාදය (fetishism), එනම්, විපරීතභාවයන්ගේ විපරීතභාවය තුළ වඩාත් පැහැදිලි වේ. එහිදී අර්චනකය යනු මවගේ අතුරුදහන් වූ ෆැලසය  සඳහා සංකේතාත්මක ආදේශකයකි. කෙසේ වෙතත්, ෆැලසය සමඟ ඇති මෙම ගැටළුකාරී සම්බන්ධය අර්චනවාදයට පමණක් සීමා වූවක් නොව සියලුම විපරීතතා දක්වා විහිදේ.

‘සමස්ත විපරීතභාවයන් පිළිබඳ ගැටලුව සමන්විත වන්නේ දරුවා මවට ඇති සම්බන්ධය… [ඇයගේ] ආශාවේ පරිකල්පනීය වස්තුව [එනම් ෆැලසය] සමඟ තමන්ව අනන්‍ය කරගන්නේ කෙසේද යන්න සන්ජානය වීම තුලයි.

මෙම නිසා පූර්ව ඊඩිපල් පරිකල්පනීය ත්‍රිකෝණය විපරීත ව්‍යුහය තුල එවැනි වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. විපරීතභාවයන් තුල දී, ෆැලසය ක්‍රියා කළ හැක්කේ වැස්ම ලෙස පමණි. විපරීතභාවය යනු ධාවකයට අදාළව ආත්මය තමා විසින්ම ස්ථානගත කරන විශේෂිත ආකාරයකි. විපරීතභාවයේ දී, ආත්මය අනෙකාගේ ප්‍රමෝදයේ මාධ්‍යයක් ලෙස ධාවකයේ වස්තුව ලෙස තමා ස්ථානගත කර ගනී. මෙය ෆැන්ටසි ව්‍යුහය ප්‍රතිලෝම කිරීම සඳහා වේ. විපරීතයා තමාගේම කැමැත්ත නොව මහා අනෙකාගේ කැමැත්ත වන ‘ප්‍රමෝදයට ඇති කැමැත්තෙන්’ වස්තු-උපකරණයේ පිහිටීම භාරගනියි.

විපරීතයා තම ක්‍රියාකාරකම් ලුහුබඳින්නේ ඔහුගේ සංතෘෂ්ටිය සඳහා නොව, ‘මහා අනෙකාගේ’ ප්‍රමෝදය වෙනුවෙනි. ඔහු ප්‍රමෝදය හරියටම සොයා ගන්නේ මෙම උපකරණගතකරණය වීම තුළ, ‘අනෙකාගේ’ ප්‍රමෝදය සඳහා ක්‍රියා කිරීමේදීය. ‘මෙහි ආත්මය (subject) විසින් තමාම අනෙකාගේ ප්‍රමෝදයේ (‘Other’s jouissance’) උපකරණය බවට පත් කරයි’. මේ අනුව, ප්‍රදර්ශනකාමය සහ දර්ශාස්වාදය තුල විපරීතයා විසින් තමාම ස්ථානගත කොට ගන්නේ විෂය පථමය ධාවකයේ වස්තුව ලෙසය. පරපීඩාකාමුකත්වය සහ ස්වපීඩාකාමුකත්වය (sadism/masochism) තුල දී ආත්මය ආයාචනාමය ධාවකයේ වස්තුව ලෙස ස්ථානගත කරගනී. විපරීතයා යනු ඔහු තුල ඇති ධාවකයේ ව්‍යුහය වඩාත්ම හොඳින් අනාවරණය කරන පුද්ගලයා වන අතර එසේම ඔහු ‘සංතෘෂ්ටි මූලධර්මය’ (‘pleasure principle’) ඉක්මවා යාමේ උත්සාහය සීමාව දක්වා ගෙන යන පුද්ගලයා ද වේ. ‘තමන්ට හැකිතාක් දුරට ප්‍රමෝද මාවතේ ගමන් කරන තැනැත්තා’ ඔහු වේ. ෆ්‍රොයිඩ්ගේ ප්‍රකාශය අනුව, ‘නියුරෝසිකයින් යනු විපරීතභාවයන්ගේ සෘණාත්මක’ බව සමහර විට අර්ථකථනය කර ඇත්තේ විකෘතිය යනු නියුරෝසියාව තුළ මර්දනය කරන ස්වභාවික සහජ ආශයක සෘජු ප්‍රකාශනය ලෙසයි. කෙසේ වෙතත්, ලැකාන් මෙම අර්ථ නිරූපණය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරයි. ලකාන්ට අනුව පළමුව, ධාවකය යනු සෘජු ආකාරයකින් මුදා හැරිය හැකි ස්වභාවික සහජ ආශයක් ලෙස නොසැලකිය යුතුය. එයට තෘප්තියේ ශුන්‍ය අංශකයක් නොමැත. දෙවනුව, ඉහත ප්‍රකාශ වලින් පැහැදිලි වන පරිදි, ධාවකයට විපරීතයාගේ සම්බන්ධතාවය නියුරෝසික රෝගියකුගේ මෙන් සංකීර්ණ හා විස්තීර්ණය. ජානමය වර්ධනයේ දෘෂ්ටි කෝණයෙන්, විපරීතභාවය නියුරෝසික රෝගයට සමාන මට්ටමක පවතී. දෙකම ඊඩිපස් සංකීර්ණයේ තුන්වන ‘කාලයට’ පැමිණ ඇත. එබැවින් විපරීතභාවය ‘නියුරෝසියාවක්’ හා සමාන මානමය පොහොසත්කම, එකම බහුලත්වය, එකම රිද්මයන්, එකම අදියරයන් ඉදිරිපත් කරයි. එබැවින් ෆ්‍රොයිඩ්ගේ ප්‍රකාශය වෙනත් ආකාරයකින් අර්ථකථනය කිරීම අවශ්‍ය වේ. එනම් විපරීතභාවය නියුරෝසියාවට ප්‍රතිලෝම ආකාරයකින් ව්‍යුහගත වී ඇති නමුත් සමානව ව්‍යුහගත වේ.

නිව්රෝසියාව ලක්ෂනාත්මක වන්නේ ප්‍රශ්නයක් මගින් වන අතර විපරීතභාවය ලක්ෂනාත්මක වන්නේ ප්‍රශ්නයක් නොමැති කම මගිනි. එනම් විපරීතයා ඔහුගේ ක්‍රියාකාරකම් විසින් අනෙකාගේ ප්‍රමෝදය වෙත මෙහෙවර කාරනාවය යන්න පිළිබඳව සැක නොහිතයි. මෙසේ විපරීත ආත්මයක් විශ්ලේෂණයක් ඉල්ලා සිටින්නට වීම අතිශයම කලාතුරකින් සිදුවන්ක් සහ ඉතා කලාතුරකින් සිද්ධීන් වලදී එම කෙනා එසේ කරනා විට එම පුද්ගලයා එසේ කරනුයේ එම කෙනාට ඔහුගේ විනෝදයේ ප්‍රකාරය වෙනස් කර ගැනීමට ඇති උවමනාව නිසා නොවේ. විපරීත ආත්මයන් හට මනොවිශ්ලේෂනාත්මක ප්‍රතිකාර නොගැලපෙන්නේ මේ නිසා බව බොහෝ මනොවිශ්ලේෂකයින් තර්ක කොට සිටි. සමහර මනොවිශ්ලේෂකයින් විපරීත නිශ්චිතත්වය සයිකොටිකතත්වය සමග සසඳමින් එවන් උත්සාහයන් දරා ඇතත් බොහෝ ලකානියානු මනොවිශ්ලේෂකයින් එසේ නොකරන්නේ ලකාන්ගේම ආස්ථානයේ සිට බලන කල එය සම්පූර්ණයෙන්ම පල රහිත බැවිනි.

අධ්‍යතන ධනවාදයේ නිෂ්පාදනය සහ වෙළඳපොල වර්ධනය වී අර්බුධ ජය ගැනීම සඳහා එය විසින් ආත්මයන් වෙතින් ඉල්ලා සිටිනුයේ වඩ වඩාත් විපරීතභාවයට පත්වීමයි. ලිබරල්වාදීන්ගේ ස්ථාවරය කොහොමටත් ඒ තත්වය පිළිගැනීම වී තිබියදී අධ්‍යතන වාමාංශිකන් ලිබරල්වාදීන්ට ද වඩා උනන්දුවෙන් ඒ වෙනුවෙන් කැප වී සිටීම කෙතරම් උත්ප්‍රාසජනක ද?

විපරීතයා විමුක්තිය උදාකොටගත වියයුත්තේ (ඔහුට අත්පත් කොට ගත නොහැකි තත්වයක්) විපරීතභාවයේ බහුගුණාංගීකණය තුලින් එක් එක් ආකාරයේ විපරීත ආත්මයන් සඳහා අයිතිවාසිකම් ඉල්ලා සිටීම තුලින් නොව තමන් පත්වී ඇති විපරීතභාවය “සංසාරගත වීම” (ඊළඟ ආත්මයට ද උරුම වීම) සඳහා එරෙහි වීමෙනි. නමුත් වාමාංශික ස්ථාවරය සාද්ගේ ස්ථාවරය හෝ නොවීම කෙතරම් විහිළු සහගත ද? “X කණ්ඩායමේ” සිටි දහම්පාසල් තක්කඩින්ගේ සහ අමන පශ්චාත් මාක්ස්වාදයේ ලණු කන ලාංකීය මෝඩ වම්මුන් “විෂම ලිංගිකත්වය නොවන ලිංගිකත්වයන් සියල්ල වෙනුවෙන් පෙනී සිටිය යුතුය සහ විපරීතභාවයන් තව තවත් ප්‍රවර්ධනය කල යුතුය” යන ලාංකීය පශ්චාත් මාක්ස්වාදී ස්ථාවරය දරමින් ඒවායේ න්‍යායාචාර්යවරුන් “ජන අරගල ව්‍යාපාරයේ” කේන්ද්‍රීය චරිත බවට පත්කොටගෙන සිටී. එසේ කරමින් රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ UNPයට සාක්ෂාත් කොට ගත නොහැකි ඉලක්ක සපුරා ගැනීම පහසු කරමින් සිටී.

https://www.albawaba.com/node/protesters-call-decriminalize-sex-animals-germany-1488169?fbclid=IwAR0NhZhxZrWo_9wz0mAkLyCNjYybcJWby6ue69qx-9eTvjw7UI_eXo8xM6k

ලකානියානු ස්ථාවරය බව පවසමින් X කණ්ඩායමේ උරුමක්කරුවන් සහ පශ්චාත් වම්මුන් විසින් ඉදිරිපත් කරනා අදහස් ආසන්න වන්නේ ෆූකෝගේ ස්ථාවරයට මිස ලකාන්ගේ ස්ථාවරයට නොවේ. ලකාන් සඳහා සමලිංගිකයා ශිෂ්ටාචාරයේ උත්තරීතර විකෘතියට උදාහරණයක් වන අතර, ෆූකෝට සමලිංගිකයා යනු කඩාකප්පල්කාරී හෝ නව නිර්මානාත්මක භාවිතාවකින්, සම්මත කතිකාවත ඔහුට එල්ල කර ඇති නින්දිත ලේබලයෙන් ගැලවිය යුතු චරිතයකි. දේශපාලනිකව නිවැරදි වීම වම්මුන් හට අවශ්‍ය වන්නේ එබැවිනි. නමුත් විය යුත්තේ දේශපාලනිකව වැරදි වීමයි.

 

1 thought on “ලිංගිකත්වය දේශපාලනික වීම

Leave a Comment