සියල්ල දෘෂ්ටිවාදයයි

දෘෂ්ටිවාදයේ පැවැත්ම පිළිගන්නා අයගේ ස්ථාවරයන් කිසිසේත් සමජාතීය ලෙස සංලක්ෂිත කළ නොහැකිය. අප ජීවත් වන්නේ දෘෂ්ටිවාදාත්මකව ගොඩනැගුන සමාජයක ද නැද්ද යන්න මත ඔවුන්ගේ වෙනස් කම් ක්‍රියාත්මක නොවේ. නමුත් එය තීරණය වන්නේ බොහෝ දේශපාලන සංසිද්ධීන් අධ්‍යයනය කිරීමේදී දෘෂ්ටිවාදය විශ්ලේෂණාත්මකව හා විවේචනාත්මකව ප්‍රයෝජනවත් න්‍යායාත්මක ප්‍රවර්ගයක් ලෙස රඳවා ගත හැකිද සහ කෙසේද යන්න මතය. දෘෂ්ටිවාදය සමකාලීන සමාජයන්හි පූර්ණ ලෙස … Read moreසියල්ල දෘෂ්ටිවාදයයි

තවත් වාම ආශ්වාදයක් වූ සැපටිස්ටාස්

ලතින් ඇමරිකාව තුල 90 දශකයේ මතු වූ විකල්ප වාම රැල්ල හා සලකා බැලීමේදී සැපටිස්ටා ව්‍යාපාරය ඒවායින් වෙනස් වන මූලික ස්ථානයක් වන්නේ ඔවුන් බලය ලබාගැනීමේ අරමුණක නොවන බව මුල සිටම පැවසීමයි (නමුත් පසුව එය වෙනස් වේ). සැපටිස්ටාහි ඒ ගුණයට වෙනස්ව රාජ්‍ය බලය කේන්ද්‍ර කර ගත් හියුගෝ චාවේස්, එවෝ මොරාලෙස්, ලූලා ද සිල්වා වැනි වාමාංශික විකල්පයන් විසින් නියෝජනය කරන … Read moreතවත් වාම ආශ්වාදයක් වූ සැපටිස්ටාස්

ස්ලවෝය් ශිෂැක් ගැන

ධනවාදයට එරෙහි විමුක්ති දේශපාලන මාවතක් එළි පෙහෙළි කර ගැනීමෙහිලා ස්ලවෝජ් ශිෂැක්ගේ න්‍යායික වෙහෙස අප වෙත ආලෝකය සපය යි. ධනවාදයත්, ප්‍රජාතන්ත්‍රවාදයත් හමුවේ ලිබරල්  වාමාංශයේ හිලෑවීමට එරෙහි ව ලකානියානු-මාක්සියානු න්‍යායික ස්ථාවරයක් මත පදනම් වන විමුක්ති දේශපාලන ව්‍යාපාරයක හැඩරුව ඔහුගේ ලියවිලි සියල්ල යා කරන නූලක් මෙන් දිව යයි. ඔහුගේ ලියවිලිවලින් සාරසංග්‍රහවාදී ව තැන් තැන්වලින් උපුටා ගන්නා අයට මේ … Read moreස්ලවෝය් ශිෂැක් ගැන

ලාංකීය ප්‍රජාතන්ත්‍රවාදයේ ඉදිරි නියමුවෝ…

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා උදාහරණ…. උදාහරණ 1 බෝම්බ වලින් පාසල් ආරක්ෂා කිරීම සඳහා අක්මීමන පාසලකට යොදවා තිබූ  යුධ හමුදා නිලධාරියෙකු විසින් පාසලට බලහත්කාරයෙන් ඇතුල් වීමට උත්සාහ කල පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කොට තිබේ. එසේ වෙඩි තැබීමට පෙර අදාළ හමුදා නිලධාරියා සහ එම පුද්ගලයා අතර බහින් බස් වීමක් සහ පොරයක්ද ඇති වී තිබේ. අදාළ පුද්ගලයා පාසලට පැමිණ ඇත්තේ … Read moreලාංකීය ප්‍රජාතන්ත්‍රවාදයේ ඉදිරි නියමුවෝ…

පරිසරවාදී අබිං කෑම….

නව ලිබරල් ධනවාදය තුළ ලෝකය අර්බුදයට යන්නේ ආර්ථික වශයෙන් නො ව පාරිසරික ප්‍රතීඝතා (antagonisms) හේතුවෙනි. ඒ බව ලිබරල්වාදීන් තේරුම් ගෙන ඇතත් වාමාංශිකයන් එය තේරුම් ගෙන ඇති බවක් පෙනෙන්නට නැත. 2017 අය වැය නම් කොට තිබුනේ “හරිත අය වැය” නමිනි. ඒ පරිසරවාදී ලිබරල් රටවල් අනුව යමින් මංගල සමරවීර විසින් කළ කාර්යකි. එම අය වැය සකස් කෙරුනේ … Read moreපරිසරවාදී අබිං කෑම….