දර්ශනයෙන් ප්‍රති-දර්ශනයට (4) කොටස

මාක්ස් යනු ආර්ථික විද්යාඥයෙකු හෝ දාර්ශනිකයෙකු නොවේ. නමුත් ආර්ථික විද්‍යාවට සහ දර්ශනයට මාක්ස් වැදගත් විය හැකිය. එහෙත් එය මාක්ස්ට අදාළ නොවේ.  එටියන් බාලිබාර්ගේ “The Philosophy of Marx” නමැති කෘතිය තුලින් ඔහු විසින් පෙන්වා දීමට උත්සාහ දරනුයේ මාක්ස්ගේ දේශපාලන ප්‍රවේශය මෙන්ම මූලික ස්තාවරයම දර්ශනයට එරෙහි වූවක් බවය. “මාක්ස්වාදී දර්ශනය ද මාක්ස්ගේ දර්ශනය ද?” යන පරිච්චේදය ආරම්භ … Read moreදර්ශනයෙන් ප්‍රති-දර්ශනයට (4) කොටස

ප්‍රජාතන්ත්‍රවාදය: (4 කොටස) හැඟීම් වලට එරෙහිව තර්ක බුද්ධිය

ලොව සෑම රටකම ඇති ප්‍රධාන දේශපාලන ප්‍රශ්නය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නිසි අයුරින් ක්‍රියාත්මක නොවීම පිළිබඳව ප්‍රශ්නයයි. එය ඒ, ඒ, රට වල විවිධ ස්වරූපයන්ගෙන් පවතින අතර සුවිශේෂී කාල වලදී පොදු ස්වභාවයක් ගනී (අරගල, කැරලි වැනි තත්වයන් යටතේ). ලංකාව තුළ ගත්ත ද නිදහස ලැබීමෙන් පසුව ඇති ප්‍රධානම ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රවාදය නිසි අයුරින් ක්‍රියාත්මක නොවීම ලෙස තහවුරුව ඇත. ලෝක පරිමාණයෙන් සැලකුව ද, ලංකාව තුළ සැලකුව ද, එම … Read moreප්‍රජාතන්ත්‍රවාදය: (4 කොටස) හැඟීම් වලට එරෙහිව තර්ක බුද්ධිය

ප්‍රජාතන්ත්‍රවාදය: (3 කොටස) ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කැප වූ IMF සහ එවැනි තවත් ආයතන

මේ දිනවල රටේ සියලු දෙනාගේම පාහේ අවධානය IMF (ජාත්‍යන්තර මූල්‍ය අරමුදල) වෙතට යොමුව ඇත. IMF නියෝජිතයිනට කරන ගරු කිරීමක් ලෙස ඔවුන් රටට පැමිණි දිනයේ සිට ඔවුන් පිටව යන තෙක් රට පුරා විදුලිය කපා හැරීම පවා අත්හිටුවා ඇත. IMF වෙත යොමු විය යුතු බව ගෝල්ෆේස් උද්ඝෝෂකයින් ඇතුළු රටේ බහුතරය පිළිගෙන ඇති බවක් ද පෙනේ. ප්‍රජාතන්ත්‍රවාදයේ ස්වරූපය ධනේශ්වර අන්තර්ගතයෙන් … Read moreප්‍රජාතන්ත්‍රවාදය: (3 කොටස) ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කැප වූ IMF සහ එවැනි තවත් ආයතන

ප්‍රජාතන්ත්‍රවාදය: (2 කොටස) ප්‍රජාතන්ත්‍රවාදය සඳහා බුද්ධිමය සංවාදය අත්‍යවශ්‍ය වේ

මෙම ලිපි මාලාවේ පළමු ලිපිය කියවා තිබූ බොහෝ දෙනෙකුගේ චෝදනාව වූයේ ලිපියේ ආරම්භක ඡේද කිහිපය නොතේරෙන බවය. ඊට හේතුව වන්නේ මෙම ලිපි මාලාවේ සමස්තය එම මුල් ඡේද කිහිපයේ සංක්ෂිප්ත කොට තිබීමයි. එවිට කල යුතු දෙය වන්නේ එම ඡේද පසුවට තේරුම් ගැනීමට තබා ලිපි පෙළ කියවාගෙන යාමය. ලිපි මාලාව කියවා අවසන් වූ පසුව මුල් ඡේද අර්ථවත් … Read moreප්‍රජාතන්ත්‍රවාදය: (2 කොටස) ප්‍රජාතන්ත්‍රවාදය සඳහා බුද්ධිමය සංවාදය අත්‍යවශ්‍ය වේ

ප්‍රජාතන්ත්‍රවාදය: (1 කොටස) ප්‍රජාතන්ත්‍රවාදය යනු මූලධර්මවාදයකි

ප්‍රජාතන්ත්‍රවාදය යනු ආශාව පිළිබඳව ප්‍රශ්නයේ ක්‍රියාකාරීත්වයක් ලෙස සලකනුයේ ලකානියානු මනොවිශ්ලේෂණය පමණි (මාක්ස්වාදී දේශපාලන කතිකාව). එනම් එම දේශපාලන ආත්මීයත්වයේ (subjectivity) ආකාරය යනු ආශාව පිළිබඳව ප්‍රශ්නයේ ක්‍රියාකාරීත්වයකි (ඉල්ලීම් සහ ඓතිවාසිකම් ඉල්ලන, පරිකල්පනීය විකල්ප යෝජනා කරන සමාජ ගොඩනැංවීම්වාදය). ප්‍රජාතන්ත්‍රවාදය අර්ථ දැක්වීමේදී ඒ පිළිබඳව නහුතයක් අදහස් දක්වන උගතුන් කටපාඩමින් මෙන් උච්ඡාරණය කරනා ප්‍රජාතන්ත්‍රවාදයට අදාළ මූලධර්ම කිහිපයක් තිබේ. ඒ අතර නිදහස් මැතිවරණ, සමානාත්මතාවය, … Read moreප්‍රජාතන්ත්‍රවාදය: (1 කොටස) ප්‍රජාතන්ත්‍රවාදය යනු මූලධර්මවාදයකි

නූතන විද්‍යාව පිළිබඳව ලකානියානු අදහස (1) කොටස

Covid-19 the REAL

වෛරස, බැක්ටීරියා සහ විද්‍යාව ——————————————————————————————————————————– පහතින් දක්වා ඇත්තේ මීට තිස් හය වසරකට පෙර Jacques Lacan විසින් ලබා දුන් සම්මුඛ සාකච්චාවකින් කොටසකි. මෙම සම්මුඛ සාකච්ඡාවේදී, ලැකාන්, ආගම නැවත පැමිණීම පිළිබඳව සහ විද්‍යාවාදයේ( scientism ) අන්තරායන් ගැන අනාවැකිමය ලෙස අනතුරු ඇඟවීය. ඔහුට අනුව, මනෝ විශ්ලේෂණය යනු සමකාලීන කාංසාවට එරෙහිව සිතිය හැකි එකම ආරක්ෂාකාරී බලකොටුවයි. තිස් හය වසරකට … Read moreනූතන විද්‍යාව පිළිබඳව ලකානියානු අදහස (1) කොටස

වම, දකුණ, වම…. (2) කොටස

මේ ලිපියේ පළමු කොටසින් අප පෙන්වා දුන්නේ “ප්‍රජාතන්ත්‍රවාදය” ලෙස ලංකාවේ ක්‍රියාත්මක වන ද්වි-පක්ෂ ක්‍රමය අවසන් වශයෙන් ගත් විට එක් පක්ෂයක, සහ ඉනුත් එහාට ගිය විට ජේ. ආර්. ජයවර්ධන නම් තනි මිනිසාගේ දේශපාලන-ආර්ථික වැඩ පිළිවෙළ ම දෙයාකාරයට ක්‍රියාත්මක වීම බව ය. එසේ ම අප එහි දී පෙන්වා දුන් තවත් කරුණක් වන්නේ ලංකාවේ වාමාංශික සහ සුලු ජන … Read moreවම, දකුණ, වම…. (2) කොටස

වම, දකුණ, වම…. (1) කොටස

ලෝකයේ බොහෝ රටවල ක්‍රියාත්මක වන්නේ ද්වි පක්ෂ යාන්ත්‍රණයයි. පක්ෂ දෙකක් අතර කාල ප්‍රාන්තරයන් ඔස්සේ සිදු වන බලය හුවමාරුව, ඒ සඳහා වන ක්‍රියාවලිය, එම ක්‍රියාවලිය තුළ ඊට අදාළ අනෙකුත් ප්‍රධාන ක්ෂේත්‍රවල ව්‍යුහගතවීම් සහ ඒවා ක්‍රියාත්මක වන තත්වයන් “ප්‍රජාතන්ත්‍රවාදය” නම් තත්වය අර්ථවත් වීමේ ප්‍රධානතම මාදිලිය වේ. “ප්‍රජාතන්ත්‍රවාදය” මූලික වශයෙන් ලංකාවට දායාද වන්නේ 1948න් පසු ව ය. ඊට … Read moreවම, දකුණ, වම…. (1) කොටස

දර්ශනයෙන් ප්‍රතිදර්ශනයට ( 3 ) කොටස

මාක්ස්ගේ විවේචක ව්‍යාපෘතිය නැවත නැවතත් පෙන්නුම් කරනුයේ අර්ථකතනය වෙතින් දේශපාලන ක්‍රියාකාරීත්වය වෙතට මාවතක් සම්බන්ධ කරනුයේ දාර්ශනික නිෂ්පාදනය (දර්ශනය කාල් ගෑම), දේශපාලන සහ ආගමික ලෝක දැක්මවල් වෙතින් ඉවත් වීම තුළ ය යන්න යි. සරල ව ම මාක්ස් ලෝක දැක්මවල් ප්‍රතික්ෂේප කරයි (මාක්ස්වාදය ලෝක දැක්මක් නො වේ). පසු කාලීන ෆ්‍රොයිඩ් (පරිනත ෆ්‍රොයිඩ්) මේ දාර්ශනික කාල් ගෑම හාස්‍යයට … Read moreදර්ශනයෙන් ප්‍රතිදර්ශනයට ( 3 ) කොටස

දර්ශනයෙන් ප්‍රති-දර්ශනයට (2) කොටස

මේ ලිපි මාලාවෙහි පළමු ලිපිය අවසන් කෙරුනේ බුද්ධිවාදය සහ අනුභූතිවාදය ලෙස හඳුනාගත හැකි බටහිර දර්ශනයෙහි මූලික ධාරා දෙක පිළිබඳ පැහැදිලි කිරීමකිනි. මෙහි දී එමානුවෙල් කාන්ට් පිළිබඳ ව විශේෂයෙන් සඳහන් කළ යුත්තේ ඔහු ඉහත සම්ප්‍රදායන් දෙක එකතු කළ පුද්ගලයා ලෙස සැලකෙන නිසා ය (එසේ වුවත් විමසා බැලීමේ දී පෙනී යන්නේ ඔහු වඩාත් නැඹුරුතාවක් දැක්වුයේ බුද්ධිවාදය වෙතට … Read moreදර්ශනයෙන් ප්‍රති-දර්ශනයට (2) කොටස