4වන සැසිය: සාමාන්‍ය ඡන්දදායකයින් වන අප ඇත්තටම වැදගත් දේවල් තීරණය කරනවා ද?

ව්‍යතිරේක කිහිපයක් හැරුණු කොට, ඡන්දය දීමට කරදර වීම වැඩකට නැති වැඩකි. ඒ සාමාන්‍ය ඡන්දදායකයින් වන අප ඇත්තටම වැදගත් දේවල් තීරණය නොකරන බැවිනි. ඔවුනට කිසි සේත්ම එම හැකියාව නොමැත. එසේනම් අප කළ යුත්තේ කුමක්ද? පෘතුගාලයට සමාන, එහෙත් නම් නොකළ ප්‍රජාතන්ත්‍රවාදී රටක ඡන්දදායකයින් විසින් ඡන්දය ප්‍රතික්ෂේප කොට වලංගු නොවන ඡන්ද ප්‍රකාශ කරමින් (ඔවුන් මෙසේ ඡන්දය කටුගා දැමීම … Read more4වන සැසිය: සාමාන්‍ය ඡන්දදායකයින් වන අප ඇත්තටම වැදගත් දේවල් තීරණය කරනවා ද?

3වන සැසිය: NPPය තල්ලු කල යුතු දිශාව, නමුත් කල හැකි ද?

“වාමාංශිකයින් සඳහා” ලිපියට අදාලව නිර්මාල් දේවසිරි සහ ස්පාටකස් සාමුහිකය අතර සංවාද මාලාවේ 3වන සැසිය. අදාළ ලිපියේ සබැඳිය:  

“වාමාංශිකයින් සඳහා” ලිපිය සම්බන්ධයෙන් නිර්මාල් දේවසිරි සමග සිදු කෙරෙන සංවාද මාලාවේ 2වන සැසිය

  පළමු සැසියේ සබැඳිය: https://www.youtube.com/watch?v=Kh4tae1nG4w අදාළ ලිපියේ සබැඳිය: http://www.spartacus.lk/23-8/2023/    

“වාමාංශිකයින් සඳහා” ලිපිය සම්බන්ධයෙන් නිර්මාල් දේවසිරි සමග සිදු කෙරෙන සංවාද මාලාවේ පළමු සැසිය

“වාමාංශිකයින් සඳහා” ලිපියට අදාලව සිදු කෙරෙන සංවාද මාලාවේ එක් කොටසක් පැයකට පමණක් සීමා කිරීමට අප දෙපාර්ශවයම එකඟතාවයකට පැමිණෙන ලදී. ඒ අනුව මෙහි පළමු සැසිය සංවාදය සඳහා වන ප්‍රවේශයකි.    

ස්පාටකස් සාමුහිකය සහ ධනනාත් ප්‍රනාන්දු අතර සංවාදය (Video)

ධනවාදය නමැති දුෂ්ට, කෘර, විෂම චක්‍රය පවත්වාගෙන යනු ලබන්නේ ආර්ථික විද්‍යාව මගිනි. ආර්ථික විද්‍යාව සම්පූර්ණයෙන්ම භාරගෙන ඒ මත ක්‍රියා කරනා ප්‍රජාතන්ත්රවදීන් මෙන්ම ආර්ථික විද්‍යානුකූලව නිදහස් වෙළඳපොල ආර්ථික මොඩලය වැරදි බව කියන වාමාංශිකයිනුත් සිටිනුයේ එකම බෝට්ටුවේය. එවැනි සමහර වාමාංශිකයින් විසින් මාක්ස්වාදී ආර්ථික විද්‍යාවක් යෝජනා කරමින් සිටී. ඒ අනුව අධ්‍යතන සමාජයේ සියලු දෙනාම පාහේ ආර්තිකවාදය භාරගෙන ඇත. … Read moreස්පාටකස් සාමුහිකය සහ ධනනාත් ප්‍රනාන්දු අතර සංවාදය (Video)

බුද්ධිමය සංවාදය යනු කුමක්ද? ස්පාටකස් සාමූහිකය සහ නිර්මාල් දේවසිරි (2 කොටස)

සංවාදයේ මෙම කොටස තුල අන්තර්ගත වන්නේ සංවාදයට සහභාගී වූ අය සහ ස්පාටකස් සාමුහිකය අතර ඇති වූ දීර්ග සංවාදයයි.

බුද්ධිමය සංවාදය යනු කුමක් ද? නිර්මාල් දේවසිරි සහ ස්පාටකස් සාමුහිකය අතර සංවාදය 2023-01-06 (පළමු කොටස)

සංවාදයේ පළමු කොටස පැය එකයි විනාඩි හතලිස් තුනකි. මෙම සංවාදය අතරතුරදී නිර්මාල් දේවසිරි පදිංචි ප්‍රදේශය විදුලි කප්පාදුවට ලක් වූ බැවින් සංවාදය අතරතුර ඔහුට නික්ම යාමට සිදුවිය. නමුත් ඉන් අනතුරු සිටි පිරිස සමග අප සංවාදය පවත්වාගෙන ගිය අතර එය සංවාදයේ දෙවෙනි කොටස ලෙස ඉදිරියේදී අපගේ YouTube චැනලයේ පලකරනු ඇත.

ස්පාටකස් සාමුහිකය සහ ගොඩයමු කන්ඩායම අතර සංවාදය 2022-12-07 (2 කොටස)

සංවාදයට සහභාගි වූ අයගේ ප්‍රශ්න සහ පිලිතුරු මෙම දෙවන කොටස තුල අන්තර්ගත වේ. “ගොඩයමු” කල්ලිය විසින් මේ වීඩියෝ ප්‍රරචාරය කිරීම ප්‍රතික්ශේප කරයි. ඔවුන් විසින් ප්‍රකාශ කොට සිටිනුයේ ඔවුන් “පොරවල්” බවත් එසේ නොවන අයගේ ප්‍රකාශ ප්‍රචාරය කිරීම ඔවුන්ට අදාළ නොවන බවත්ය. ඒ වෙනුවට මේ සංවාදය පිළිබඳව විකුර්ති චිත්‍රයක් ඔව්න්ගේ ජන මාධ්‍යය ව්‍යාපාර හරහා දියත් කරමින් සිටී. … Read moreස්පාටකස් සාමුහිකය සහ ගොඩයමු කන්ඩායම අතර සංවාදය 2022-12-07 (2 කොටස)

ස්පාටකස් සාමුහිකය සහ ගොඩයමු කන්ඩායම අතර සංවාදය 2022-12-07 (1 කොටස)

සරල අර්ථයෙන් පවසන්නේ නම්, ගොඩයමු කල්ලිය යනු තමන්ට අනුග්‍රහය දක්වන (වැටුප් ගෙවන) “සේරිවාණිජ මණ්ඩලයේ” ශක්තියෙන්, ජන මාධ්‍ය වල අනුග්‍රහයෙන්, දේශපාලන බලයෙන්, තවත් ආගමක් සංස්ථාපනය කරමින් සිටින පූජකයින් විශේෂයකි. එම ආගම සාම්ප්‍රදායික ආගම් වලට වඩා ඉතාම දරුණු වන්නේ සාම්ප්‍රදායික ආගම් සංස්ථාපනය වී තිබූ ලෝකය සතුව වර්තමාන අර්ථයෙන් නොපැවති පුද්ගල නිදහස තුලින්, පුද්ගල පරිකල්පනයන් සමාජය මත පැටවීමේ … Read moreස්පාටකස් සාමුහිකය සහ ගොඩයමු කන්ඩායම අතර සංවාදය 2022-12-07 (1 කොටස)

සැබෑ කාලකන්නියා (චමීර දෙද්දුවගේ සහ “ස්පාටකස් ලිපි” අතර සංවාදය)

සරලමය ලෙස, ලෝකවාසි සියලු දෙනා ඔවුන්ගේ වර්තමාන ජීවන මූලධර්මයන් වෙත විරුද්ධ විය නොයුතුය යන්න පිළිගෙන ඇතුවා මෙන්ම එසේ කල යුතු බවට හැඟීමක් හෝ ඔවුනට නොමැත. එනම් ජීවිතයේ ඔවුනට පැවරී ඇති කාර්යභාරයන් සහ ඒ තුල ‘විඳවන’ කුඩා සංතෘෂ්ටීන් දිවි හිමියෙන් පවත්වාගෙන යා යුතුය යන්න ඔවුන්ගේ දැනුවත්භාවයයි. ධනවාදී ක්‍රියාවලිය තුල ජීවිතය යනු එය බව දැන් සියලු දෙනා … Read moreසැබෑ කාලකන්නියා (චමීර දෙද්දුවගේ සහ “ස්පාටකස් ලිපි” අතර සංවාදය)